Home Games අවුරුදු 9 කට පසුව Assassin’s Creed වලට නැවත එන විශේෂාංගය
Games

අවුරුදු 9 කට පසුව Assassin’s Creed වලට නැවත එන විශේෂාංගය

Share
blank
Share

Assassin’s Creed (AC) එක ගැන කතා කලොත් බොහෝ දෙනෙක් එක වතාවක් හරි play කරලා තියෙන game franchise එකක්. 2007 දී AC 1 වල ඉදලා 2023 දී AC මිරාජ් වෙනකම් දැනට ප්‍රදාන ගේම් 13ක් නිකුත් වෙලා තියෙනවා. ඒ වගේම ප්‍රධාන කතාවෙන් පිටත, ඒ කියන්නේ ස්පින් ඔෆ් ගේම්(AC :Freedomcry /Liberation ) කිහිපයක්ද ඒ හා සමකාලීනව නිකුත් වුනා. ඉතින් මේ ගේම් වලට අලුතෙන්ම එකතු වෙන්න නියමිත ගේම් එක AC : Shadows ගැන ඔබ දැනටමත් දන්නවා ඇති.

Assassin’s Creed Shadows: Official Trailer

ඔබ කාලයක සිට AC ගේම්ස් play කරනවානම් දන්නවා ඇති, මෑතකදී නිර්මාණය වූ AC ගේම්ස් වලට හොද ප්‍රතිචාරයක් නම් රසික පිරිසගෙන් හිමි වුනේ නැහැ. මොකද මේවායේ මුල් AC ගේම්ස් තරම් gameplay එකෙහි වගේම story එකෙත් AC වල තිබුණු ඊට අනූන වූ සටන් ක්‍රම වගේම තවත් දෑ ගිලිහි යමින් තිබුණා. මෙයට විසදුමක් ලෙස ඔබට මතක ඇති AC Mirage වල ඔවුන් Gameplay style එක මින් පෙර ගේම්ස් වලින් ආදේෂණයට උත්සහ කර තිබුණා.

ඉතින් මේ වසරේ නොවැම්බර් මස් 15 දින නිල වශයෙන් නිකුත් වීමට සැරසෙන AC Shadows ගේම් එකත් ඒ පාරෙහිම යමින් AC Shadows වෙත නැවත Double assassinations එහෙමත් නැත්නම් එකවිට සතුරන් දෙදෙනෙක්ට පහරදීම අදුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා. Double assassinations පළමු වරට හදුන්වා දුන්නේ 2009දී AC -II වලින් එතැන ඉදලා 2015 AC syndicate වෙනකම් මේ හැකියාව තිබුනා.

Double assassinations in AC – Blackflag

ජපාන ඉතිහාසය පාදක කරගත් AC Shadows වලට එහි ඉතිහාසය භාවිතය ගැන මතභේද රැසකට මුහුණපාන්න මේ දවස්වල සිදුවෙලා තියෙනවා වගේම,මෙම ප්‍රශ්නය එහි පාර්ලිමේන්තුව දක්වාම ඉහලට ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය භාවිතා කරනවා.කොහොම වුනත් ubisoft සමාගමෙන් මේවාට පිළිතුරක් ලෙස දක්වා ඇත්තේ AC ගේම් සෑම එකක්ම පාහේ නිර්මාණය වෙලා තියෙන්නේ ඉතිහාසය පදනම් කරගත් නමුත් වෙනස් කතාවක් වශයෙන් බවත් එම නිසා එයට සත්‍යම ඉතිහාසයට බලපෑමක් කර නොහැකි බවත්ය. ඒ වගේම තව මතක් කරන්න ඕනේ දෙයක් තමයි, AC Shadows තමයි දැනට නිර්මාණයට වැඩිම කාලයක් ගත්ත AC ගේම් එක වන්නේ , එනම් ගතවූ කාලය අවුරුදු 4ක්.

AC Shadows – Gameplay

Share

Leave a comment

Leave a Reply

Related Articles

අඩුවට Games ගන්න Steam Winter Sale ආරම්භ උනා

PC ක්‍රීඩකයන් බොහෝ දෙනා බලා සිටින Steam Winter Sale වට්ටම් කාලය Valve...

ලබන අවුරුද්දෙ එන අලුත්ම Control Game එක

Control Resonant යනු 2019 දී පළමු Control ක්‍රීඩාව නිර්මාණය කළ Remedy Entertainment...

Red Dead Redemption 1 මොබයිල් සදහා නිකුත් වෙයි.

Rockstar Games හි ජනප්‍රිය Red Dead Redemption ක්‍රීඩාව 2025 දෙසැම්බර් 2 වන...

නොමිලේ Play කරන්න පුලුවන් අලුත්ම Game එක

Where Winds Meet යනු පැරණි චීනය කෙන්ද්‍ර කරගෙන නිර්මාණය කර ඇති නව...