Press ESC to close

Ryzen සමග එන නවතම ACER Chromebook Spin 514

ACER Chromebook සිරීස් එකේ අලුත්ම device එක විදියට නිකුත්වීමට නියමිතව පවතින ACER Chromebook Spin 514 පරිගණකය AMD Ryzen Processor එකක් සහ AMD Radeon Graphic card එකක් එක්ක රිලීස් වෙන මුල්ම ACER Chromebook පරිගණකය විදිහට සලකන්න පුළුවන්.

AMD සමාගමේ Ryzen processor සිරීස් එක කවුරුත් නොසිතු පරිදි ඉතාමත් ඉක්මනින්ම High performance processor එකක් විදියට INTEL processors වලටත් අභියෝගයක් වෙමින් ලොවපුරා ජනප්‍රිය වී ඇති බව අපි හැමදෙනාම දන්න කරුණක්. AMD Ryzen වල මේ විශිෂ්ට performances එක්කම තමන්ගෙ ලැප්ටොප් පරිගණක වලට ඉන්ටෙල් processors වෙනුවට මෙන්න මේ AMD Ryzen processors භාවිත කරන්න ගොඩක් ලැප්ටොප් නිශ්පාදකයන් පෙළබුණා.

Get Your Site Up with A2 Hosting

මේ ඔස්සේ යමින් ACER Chromebook ස්පින් 514 device එක AMD නවතම තාක්ෂණයෙන් සන්නද්ධ කිරීමට ACER තීරණය කර ඇති බවයි පෙනෙන්නේ.  මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ සාමාන්‍ය ලැප්ටොප් පරිගණයකින් ඔබ්බට යමින් Tablet උපා൦ගයක් ලෙසද භාවිත කිරිමට හැකි වන පරිදි එහි තිරය අ൦ශක 360 කරකැවීමට හැකි වන පරිදි නිර්මාණය කර තිබීමයි. මෙම නිසා මේ පරිගණකය 2 in 1 device උපා൦ගයක් ලෙස ACER‍ විසින් හඳුන්වනවා.

   තවද මෙම පරිගණකයේ සවිශක්තිය හා කල්පැවත්ම අතින් සාමාන්‍ය ලැප්ටොප් හා Tablet එකක්ට වඩා ඉදිරියෙන් ඉන්න බවටයි නිශ්පාදකයින් පෙන්වා දෙන්නෙ. ඊට හේතුව ලෙස මෙම උපා൦ගය සවිශක්තිය හා කල්පැවත්ම අතින් MIL-STD 810H මිලිටරි ග්‍රේඩ් ලෙවෙල් එකකට සම වීමට නිමවී තිබීමයි.

මෙහි ඇති අඟල් 14 FULL HD IPS පැනලයේ ආරක්ශාව සඳහා Corning Gorilla Glass 3 තාක්ෂණයද යොදා ගෙන ඇති අතර පරිගණකයේ ඉතිරි කොටස් වල සවිශක්තිය සඳහා Aluminium body එකක් යොදගෙන තිබෙනවා.

පරිගණකයේ Storage සහ අනිකුත් විශේෂා൦ග ගැන බලද්දී, මෙහි 16GB RAM අගයක් 128GB eMMC හෝ 256GB SSSD NVMe ඩ්‍රයිවු එකකින් සමන්විත වනවා. Connectivity සඳහ නවතම 5 Gbps දක්වා දත්ත හුවමාරු වේගයක් සහිත USB 3.2 Gen1 USB TYPE-C පෝර්ට් දෙකක්, USB-C DisplayPort එකක්, USB චාර්ජ් කිරීමේ පහසුකම, USB 3.2 TYPE-A පෝර්ට් එකක්, HDMI පෝර්ට් එකක් සහ 3.5 ම්ම් හේඩ්ඵොනෙ පෝර්ට් එකක් දක්නට ලැබෙනවා. Wireless Connectivity සදහා WIFI 5, සහ Bluetooth 5.0 පහසුකමද මීට අමතරව HD වෙබ් කැමරාවක්ද ඇතුලත් වෙනවා.

මේ සියල්ල සමගින් නුදුරේදීම නිකුත් වීමට නියමිත ACER Chromebook ස්පින් 514 පරිගණකය ඉතා බලසම්පන්න ලැප්ටොප් එකක සහ Tablet එකක එක්වීමක් ලෙස දැක්වීමට පුලුවන්. මෙම නවතම උපා൦ගය 2021 පෙබරවාරි මාසයේ එලිදැක්වීමට නියමිත අතර මෙහි විවිධ මාදිලි කිහිපයක් නිකුත්වෙනු අතැයි ද මේ පිළිබඳව තොරතුරු වලින් තවදුරටත් දැක්වෙන්වා.

Comments (1)

Leave a Reply to ashen rashmika Cancel reply

Your email address will not be published. Required fields are marked *