Home Games 2021 Gamescom පරිගණක ක්‍රීඩා ආවරණය
GamesTech News

2021 Gamescom පරිගණක ක්‍රීඩා ආවරණය

Share
Share

Gamescom කියන්නෙ ජර්මනියෙ Cologne වල වාර්ෂිකව පවත්වන පරිගණක ක්‍රීඩා වෙලඳ ප්‍රදර්ශනයක්. මේ අවුරුද්දෙත් උත්කර්ෂවත් Opening Live Event එකක් සහ Xbox event එකකින් මේ ප්‍රදර්ශනය ආරම්භ වුනා. මේ අවුරුද්දෙ විශේෂයෙන් දකින්න පුලුවන් වුන දෙයක් තමා විශාල studios වල AAA games වලට වඩා indie games වලට විශේෂ අවධානයක් යොමු වීමයි. කොහොම උනත් මේ ලිපියෙන් ලංකාවෙත් ප්‍රසිද්ධ පරිගණක ක්‍රීඩා කිහිපයක අලුතෙන් නිකුත් වුන trailers සහ විස්තර ටිකක් අපි බලමු.

Saints Row Reboot.

අපි කවුරුත් පොඩි කාලෙ ආසාවෙන් play කරපු Saints Row පරිගණක ක්‍රීඩාව ආය අලුත්ම විදිහට reboot වෙලා නිකුත් වෙන්නයි යන්නෙ. අලුත් Saints Row ලබන අවුරුද්දෙ පෙබරවාරි 22 නිකුත් වෙන්න නියමිතයි. PlayStation 4, PlayStation 5, Xbox One, Xbox Series X, සහ Windows PC සඳහා Epic Store එක හරහාත් මේ game එක play කරන්න අවස්ථාව ලැබේවි.


අලුත්ම Marvel Strategy game එක Midnight Suns.

සුප්‍රසිද්ධ XCOM පරිගණක ක්‍රීඩාවෙ developers ල වෙන Firaxis ලගෙ අලුත්ම පරිගණක ක්‍රීඩාව තමා Marvel’s Midnight Suns. මේක turn-based tactical strategy පරිගණක ක්‍රීඩාවක්. මේ ක්‍රීඩාව තුලදි අපි හැමෝම ආදරය කරන Iron Man, Captain America, Captain Marvel, Doctor Strange, Blade, Ghost Rider සහ Wolverine වගේ චරිත දැකගන්න ලැබේවි. 2022 මාර්තු වගේ වෙද්දි මේක PC සහ console වලට නිකුත් වෙනවා.


Halo Infinite වල Release Date එක.


අපි කවුරුත් පොඩි කාලෙ play කරපු Halo series එකේ අලුත්ම එකතුව Halo Infinite වල release date එක Microsoft විසින් එලිදැක්වූවා. Halo Infinite ක්‍රීඩාව PC සහ Xbox සඳහා මේ වසරේ දෙසැම්බර් 8 වෙනිදා නිකුත් වෙන්න නියමිතයි. මේ නිවේදනයත් එක්ක Halo තේමාව කරගත් අලුත් Xbox Elite Wireless Series 2 controller එකක් සහ Xbox Series X console එකක් හඳුන්වාදෙනු ලැබුවා.

Horizon: Forbidden West නිකුත් වීම ප්‍රමාද වේ.

Guerrilla Games මගින් develop කරපු Horizon: Zero Down ඉතා ප්‍රසිද්දියට පත් වුන පරිගණක ක්‍රීඩාවක්. මේකේ දෙවෙනි ක්‍රීඩාව වෙන Horizon: Forbidden West ක්‍රීඩාවත් ලබන වසරෙ නිකුත් වෙන්න නියමිතයි. නමුත් කලින් කීව දවසට වඩා ටිකක් පරක්කු වෙලා 2022 පෙබරවාරි වල PlayStation 4 සහ PlayStation 5 වලට මේ ක්‍රීඩාව නිකුත් වේවි. මීට අමතරව PS5 වලදි Horizon: Zero Down ක්‍රීඩාව play කිරීමේදී 60 FPS පහසුකම සක්‍රීය කරන patch එකකුත් නිකුත් කරනු ලැබුවා.

Death Stranding: Director’s Cut.

Death Stranding පරිගණක ක්‍රීඩාවට අලුත් දේවල් රාශියක් එක් කරමින් Death Stranding: Director’s Cut, PlayStation 5 සඳහා නිකුත් කරා. ඒ එක්වුන දේවල් කිහිපයක් විදිහට අලුත් delivery tools, Buddy Bot කෙනෙක්, fall damage අඩු කරන boots වගේ දේවල් හඳුන්වන්න පුළුවන්.


Call of Duty: Vanguard

අලුත්ම Call of Duty: Vanguard පරිගණක ක්‍රීඩාවෙ gameplay එකක් Gamescom එකේදි නිකුත් වුනා. මේ ක්‍රීඩාවට පාදක වෙන්නෙ දෙවන ලෝක සංග්‍රාමයේ විවිධ යුධ පෙරමුණු 4ක්. නිකුත් වුන gameplay එකේදි අපිට Polina Petrova කියන චරිතය Stalingrad වලදි යුද්ධයට මුහුණ දෙන ආකාරය බලාගන්න පුලුවන්.


Life is Strange: True Colors.

කවුරුත් ආදරය කරන Life is Strange පරිගණක ක්‍රීඩා මාලාවේ අලුත්ම එකතුව Life is Strange: True Colors වල gameplay එකක් නිකුත් වුනා. මේ ක්‍රීඩාව මේ අවුරුද්දෙ සැප්තැම්බර් 10 නිකුත් වෙන්න නියමිතයි, ඒ සියලුම ප්‍රධාන gaming platform වලටයි.

Share
Written by
Pasindu Ruwandeniya

An internet kid who loves open-source software and new technologies.

1 Comment

Leave a Reply to ashen rashmikaCancel reply

Related Articles

මිනිසෙකු හා සමානව සංවාදයේ යෙදෙන ChatGPT 5.1

OpenAI විසින් නිකුත් කළ ChatGPT 5.1 මේ දිනවල ගොඩක් කතාබහට ලක්වෙන AI...

එන්න නියමිත සුපිරිම Horror Game එක

ILL යනු Team Clout නම් small studio එකක් විසින් නිර්මාණය කරන ලද...

Chat Backup වලට අමතර ආරක්ශාවක් WhatsApp වෙතින්

WhatsApp වෙතින්, දැන් ඔයාලගේ chats ආරක්ශා කරගන්න තවත් විශේෂාංගයක් ලබාදීලා තියෙනවා. දැන්...

අලුතෙන් ආපු ChatGPT Atlas AI Browser එක

OpenAI සමාගම විසින් පසුගියදා ChatGPT Atlas නමින් AI-powered web browser එකක් නිකුත්...