Press ESC to close

Unknown Calls ස්වයංක්‍රීයව Block කලහැකි WhatsApp නව අප්ඩේට් එක

WhatsApp වෙතින් තවත් අලුත් විශේෂාංගයක් හදුන්වා දෙන්න සූදානම් වෙනව. ඒ තමයි WhatsApp හරහා නොදන්න අයෙක්ගෙන් කෝල් එකක් පැමිනියොත් දුරකතනය රින්ග් වීමක් සිදුවෙන්නෙ නැහැ. ඒ වෙනුවට ඒ පැමිනි කෝල් එක කෝල් ලිස්ට් එක තුල පමනක් පෙන්වනව. ඒ ආකාරයට කෝල් ලිස්ට් එක තුල දැක්වෙන්නෙ එම කෝල් එක අත්‍යවශ්‍යය ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය එකක් නම් ඒ සදහායි.

මේකත් එක්ක ඔවුන් හදුන්වා දෙන තවත් විශේෂාංගයක් තමයි Privacy Checkup කියන්නෙ. මෙමගින් ඔබේ WhatsApp ගිණුමේ ආරක්ශාව සදහා තවත් privacy layers කිහිපයක්ම එක් වෙනව. එමගින් ඔබේ messages, calls සහ පෞද්ගලික දත්ත ඇතුලු සියල්ලක්ම සදහා අමතර ආරක්ශාවක් ලබාගැනීමේ හැකියාව තිබෙනව. එහි තිබෙන ඔප්ශන්ස් අතර Choose who can contact you, Control your personal info සහ Add more privacy to your chats ආදිය දක්වන්න පුලුවන්.

Get Your Site Up with A2 Hosting

WhatsApp ඔවුන් ගැන සැලකිලිමත් විය හැකි මිතුරන් පරීක්ෂා කිරීමට පරිශීලකයින් දිරිගන්වන සංවේදී නව වීඩියෝවක් ද නිකුත් කරා. එමගින් අපට සොයා බැලීමට අවශ්‍ය මිතුරාට පනිවිඩයක් යැවිය හැකි අතර ඒ සදහා template එකක්ද සපයා තිබෙනව. එහි “Hey, I’ve been thinking about you. I’m here if you need to chat. No one else can see this but us. And you can also turn on disappearing mode or use the chat lock feature.” ලෙස සදහන් වෙනව.

මෙම විශේෂාංග සහිත අප්ඩේට් එක දැන් සියලු දෙනාටම නිකුත් වී තිබෙනව.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *