Press ESC to close

intel 13 Gen ගැන තොරතුරු Leak වෙයි

Motherboard නිෂ්පාදකයකු වන Biostar සමාගම ECC (Eurasian Economic Commission) වෙත තමන්ගේ අළුත්ම intel 13th gen සදහා වන Motherboard නම් Register කිරීමක් වාර්ථා වෙනවා. Biostar  Z790 Valkyrie, Z790 Racing GTA, and Z790-A Silver කියන මේ නම් සමගින් intel සමාගමේ මීලග Generation එක සදහා අළුත්ම Motherboards මිළදී ගැනීමට සිදුවේවි දැයි සැකයක් මතුවෙනවා.

intel සමාගම තමන්ගේ 12 වන පරම්පරාවේ CPU නිකුත් කරේ 2021 අන්තිමේදියි. ඒ සමගම ඔවුන් තමන්ගෙ මීලග Raptor lake Generation එකේ Testing පටන් ගත් බවත් සදහන් කරා. මේ සමගම 2022 අවසානයේ intel 13th generation එක නිකුත් කරන බවත් පැවසූ intel සමාගම මෙතරම් කෙටි කලක් තුල Motherboard මාරුවකට යාම ගැටළු සහගත එකක් වෙනවා.

Get Your Site Up with A2 Hosting

මේ නව CPU සදහා නව Chipsets එහෙමත් නැත්නම් Motherboards වලට යාමට ප්‍රධාන හේතුව intel Raptor lake CPU වල ඇති DLVR Digital Linear Voltage Regulator පහසුකමයි. මේ හරහා අඩු Voltage එකක් යටතේ වැඩි performance එකක් ලබාදීමේ උත්සහයක intel සමාගම නිරත වෙනවා.

13 වන පරම්පරාවේ intel Raptor lake CPU වල Cores 24 දක්වා උපරිමයකට යාම වගේම high speed DDR 5 RAM support එකත් ඇතුලත් වෙනව. කෙසේ වෙතත් දැනට ඇති LGA 1700 Socket එකම මෙයට භාවිතා වෙන නිසා – 12th gen Motherboards වලට මෙම 13th gen CPU backward Compatible වේවිද යන්න ගැන තවමත් අදහසක් නැහැ.

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Comments (2)

  • Lakindusays:

    January 24, 2022 at 5:48 am

    ඔය 12gen එකේ concept එක සාර්ථක ද අයියෙ
    core s වැඩ කරන විදිහ වෙනස් උනාම හොද දේකට තියෙන්නේ power saver එක විතරයි නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *