Home Tech News intel 13 Gen ගැන තොරතුරු Leak වෙයි
Tech News

intel 13 Gen ගැන තොරතුරු Leak වෙයි

Share
blank
Share

Motherboard නිෂ්පාදකයකු වන Biostar සමාගම ECC (Eurasian Economic Commission) වෙත තමන්ගේ අළුත්ම intel 13th gen සදහා වන Motherboard නම් Register කිරීමක් වාර්ථා වෙනවා. Biostar  Z790 Valkyrie, Z790 Racing GTA, and Z790-A Silver කියන මේ නම් සමගින් intel සමාගමේ මීලග Generation එක සදහා අළුත්ම Motherboards මිළදී ගැනීමට සිදුවේවි දැයි සැකයක් මතුවෙනවා.

intel සමාගම තමන්ගේ 12 වන පරම්පරාවේ CPU නිකුත් කරේ 2021 අන්තිමේදියි. ඒ සමගම ඔවුන් තමන්ගෙ මීලග Raptor lake Generation එකේ Testing පටන් ගත් බවත් සදහන් කරා. මේ සමගම 2022 අවසානයේ intel 13th generation එක නිකුත් කරන බවත් පැවසූ intel සමාගම මෙතරම් කෙටි කලක් තුල Motherboard මාරුවකට යාම ගැටළු සහගත එකක් වෙනවා.

මේ නව CPU සදහා නව Chipsets එහෙමත් නැත්නම් Motherboards වලට යාමට ප්‍රධාන හේතුව intel Raptor lake CPU වල ඇති DLVR Digital Linear Voltage Regulator පහසුකමයි. මේ හරහා අඩු Voltage එකක් යටතේ වැඩි performance එකක් ලබාදීමේ උත්සහයක intel සමාගම නිරත වෙනවා.

13 වන පරම්පරාවේ intel Raptor lake CPU වල Cores 24 දක්වා උපරිමයකට යාම වගේම high speed DDR 5 RAM support එකත් ඇතුලත් වෙනව. කෙසේ වෙතත් දැනට ඇති LGA 1700 Socket එකම මෙයට භාවිතා වෙන නිසා – 12th gen Motherboards වලට මෙම 13th gen CPU backward Compatible වේවිද යන්න ගැන තවමත් අදහසක් නැහැ.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

2 Comments

  • ඔය 12gen එකේ concept එක සාර්ථක ද අයියෙ
    core s වැඩ කරන විදිහ වෙනස් උනාම හොද දේකට තියෙන්නේ power saver එක විතරයි නේ

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...