Press ESC to close

වසර 7ක් දක්වා අප්ඩේට් ලැබෙන Samsung Galaxy S24

Samsung සමාගමේ නවතම S24 දුරකතන මාදිලිය නිකුත් උනා. පෙර පරිදිම S24, S24+, සහ S24 Ultra ලෙස මාදිලි තුනක් නිකුත් උනා. Unpack event එකෙදි විස්තර කරන ලද නව විශේෂාංග අතරින් Galaxy AI පහසුකම විශේෂ තැනක් ගන්නව.

නව විශේෂාංග රැසක් සමගින් එන S24 දුරකතන සදහා මෙවර තවත් විශේෂ දෙයක් එක්වෙනව. වසර 7ක් දක්වා OS update ලැබෙන බව සමාගම නිවේදනය කර තිබෙනව. මීටපෙර ගූගල් සමාගම Pixel 8 දුරකතන සමග වසර 8 දක්වා OS update ලැබෙන බව නිවේදනය කරා.

Get Your Site Up with A2 Hosting

මෑත වසර කිහිපය තුලදී Samsung සමාගම විසින් ඔවුන්ගේ දුරකතන බොහොමයකට වසර 4ක OS update සහ වසර 5ක් දක්වා security update ලබාදීම ආරම්බ කරා. Galaxy S24 දුරකතන නිකුත් වන්නෙ Android 14 මත රන් වෙන OneUI 6.1 මගිනුයි. ඒවගේම Android 21 දක්වා මෙයට අප්ඩේට් ලැබීමට නියමිතයි.

මීටපෙර Samsung සමාගම සිදුකල ආකාරයටම නැවතත් ඇමරිකාව සහ කැනඩාව ඇතුලු රටවල් වලට පමනක් Snapdragon chipset එක සහිත දුරකතන නිකුත් කරන අතර අනෙක් රටවල් සදහා Samsung සමාගම විසින් නිශ්පාදනය කරන Exynos 2400 චිප්සෙට් එක සමග නිකුත් වෙනව. මෙම චිප්සෙට් එකෙ benchmark තවමත් නිකුත් වී නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *