Home Tech News YouTube Shorts වෙත එන Photo to Video පහසුකම
Tech News

YouTube Shorts වෙත එන Photo to Video පහසුකම

Share
blank
Share

YouTube විසින් දැන් නවතම AI-powered photo-to-video tool එකක් හදුන්වා දෙන්න සූදානම් වෙනවා. මේ නව feature එක හරහා, ඔයාගේ gallery එකේ තියෙන ඡායාරූපයක් අරගෙන එය fun, short video එකක් විදිහට නිර්මාණය කරගන්න පුළුවන්. YouTube සමාගම පවසන විදියට, මේ “Shorts” camera එකටම ඇතුළත් වෙන නිසා, වෙනම app එකක් හෝ editor එකක් ඕනෙ නෑ. ඒ කියන්නේ, “Create a Short” කියන button එක click කරාම, ඔයාට “Photo to video” කියන option එක දැන් පෙන්වනවා.

ඔයා එතැනින් photo එකක් select කරනවා. ඔයාගේ පින්තූරයට අනුව එය animated movement, subtle zoom effects, නැත්තං cinematic transitions එක් කරලා තත්පර 6-8 විතර දිග video clip එකක් generate කරල දෙනවා. මේ video එක ඔයාට customize කරන්නත් පුළුවන්. උදාහරනයක් කිව්වොත්: upbeat music track එකක් එක් කරන්න, stickers දාන්න, text overlay එකක් දාන්න වගේ දේවල් කරගන්න පුලුවන්.

මේකට අමතරව, YouTube Shorts දැන් Generative AI effects කිහිපයකූත් හඳුන්වා දීලා තියෙනවා. මේවා AI-automated filters වගේ. උදාහරණයක් විදිහට, ඔයා selfie එකක් දාද්දී “cartoon-style”, “comic book look” හෝ “underwater” වගේ effects එකක් auto-generate වෙනවා. ඔයාට තියෙන්නෙ “Effects” tab එකට ගිහින් ඒවා try කරන්න විතරයි. AI එක දැනගෙනම ඔයාගේ photo එකට match වෙන vibe එකක් animate කරනවා.

මේ හැම දෙයක්ම Google Veo කියන video generation AI engine එක මත පදනම්ව වැඩ කරනවා. Google තමයි මේ Veo system එක සංවර්ධනය කරන්නෙ. ඒ නිසා හුඟක් smooth transitions, creative movement animations, සහ timing effects තියෙනවා. 

ඒත් YouTube කියනවා, AI-generated content වලට ඔවුන් watermark එකක් add කරනවා කියලා. ඒකෙන් කියන්නේ, video එකෙ නරබන්නන්ට ඒක AI එකක් හරහා generate වෙලා කියලා පෙන්වනවා. දැන් මේ විශේෂාංගය පළවෙනියට ලැබෙන්නෙ ඇමරිකාවටයි. හැබැයි අනෙක් රටවල් වලටත් ලබාදෙන්න YouTube plan කරලා තියෙනවා. Android සහ iOS දෙකටම මෙය ලැබෙනවා.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...