Home Tech News YouTube Shorts කරන Creators ලට සල්ලි
Tech News

YouTube Shorts කරන Creators ලට සල්ලි

Share
Share

TikTok සමග තරඟ කරන්න හඳුන්වාදුන් YouTube Shorts මුලින්ම release වෙන්න ඉන්දියාවට, ඊට පස්සෙ ඇමරිකාවටත්, ජූලි මාසයේ global release එකත් බලාගන්න අපිට හැකියාව ලැබුනා. ලංකාවෙත් විවිධ creators ල මේ වෙද්දි හදන Shorts අපිට YouTube වලදි බලාගන්න පුලුවන් වෙනවා. කොහොම උනත් TikTok වලට සැලකිය යුතු තරඟයක් දෙන්න මේ අලුත් සේවාවට හැකියාව ලැබුන බවක් පෙනුනෙ නෑ, ඒ නිසා Shorts හදන්න creators උනන්දු කරවන්න මේ වෙද්දි ඩොලර් මිලියන 100ක fund එකක් YouTube විසින් වෙන් කරල තියනවා.

YouTube හි Chief Product Officer වෙන Neal Mohan ප්‍රකාශ කරන විදිහට Shorts වලින් මුදල් උපයන්න නම් ඒ Shorts කොච්චර පිරිසක් බලල තියනවද වගේම audience තියන රටත් බලපානවා. මේ විදිහට මාසයකට ඩොලර් 100 සිට 10000ක් දක්වා උපයන්න creators ලට අවස්ථාව තියනව කියලයි සඳහන් වෙන්නේ. ගෙවීම් ලබන්නනම් හදන Shorts අනිවාර්‍යෙන්ම original contents වෙන්න ඕන, ඒ කියන්නෙ වෙනත් සේවා වල watermarks තියෙන videos reupload කරොත් මේ ගෙවීම් වලට qualify වෙන්නෙ නෑ.

මේ වෙද්දි YouTube Shorts Fund program එක දියත් කරල තියෙන්නෙ ඇමරිකාව, බ්‍රසීලය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, මෙක්සිකෝව, නයිජීරියාව, රුසියාව, දකුණු අප්‍රිකාව සහ එංගලන්තය කියන රටවල් වලටයි, නමුත් ලඟදීම වෙනත් regions වලටත් මේක expand කරන්න YouTube බලාපොරොත්තු වෙනවා. YouTube බලාපොරොත්තු වෙන්නෙ ලබන අවුරුද්ද තෙක් මේ fund එකෙන් creators ලට ගෙවීම් සිදු කිරීමටයි, ඊට පස්සෙ දිගු කාලීනව ගෙවීම් සිදු කිරීමට හැකියාව තියෙන වැඩසටහනක් හඳුන්වාදෙන්න සමාගම සූදානම් වෙනවා, කොහොම උනත් YouTube Shorts මත වෙලඳ දැන්වීම් පෙන්වන්න සූදානමක් නෑ.YouTube Shorts ගෙවීම් සඳහා qualify වෙන එක ගැන විස්තර මේ ලින්ක් එකෙන් ගිහින් බලාගන්න පුලුවන්.

Share

9 Comments

Leave a Reply to sahan malshanCancel reply

Related Articles

Chat Backup වලට අමතර ආරක්ශාවක් WhatsApp වෙතින්

WhatsApp වෙතින්, දැන් ඔයාලගේ chats ආරක්ශා කරගන්න තවත් විශේෂාංගයක් ලබාදීලා තියෙනවා. දැන්...

අලුතෙන් ආපු ChatGPT Atlas AI Browser එක

OpenAI සමාගම විසින් පසුගියදා ChatGPT Atlas නමින් AI-powered web browser එකක් නිකුත්...

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත්...

Windows 10 ඇත්තටම ඉවරද, ඊලගට මොකද කරන්නෙ…?

ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයන් විසින් භාවිතා කරන ලද Windows 10 මෙහෙයුම්...