Home Tech News Internet නවතම Wi-Fi 7 තාක්ශණය නිල වශයෙන් එළිදක්වයි.
InternetTech NewsUpdates

නවතම Wi-Fi 7 තාක්ශණය නිල වශයෙන් එළිදක්වයි.

Share
blank
Share

Wi-Fi එසේත් නැතිනම් Wireless Fedality තාක්ශණය 1997 සිට මේ දක්වා ලොව පුරා ජනප්‍රිය හා සංවර්ධනය වූ තාක්ශණයකි. ප්‍රධාන වශයෙන්ම LAN (Local Area Network) සඳහා භාවිතා වූ පහසුවෙන් සම්බන්ධ විය හැකි Wireless තාක්ශණයක් වූ මෙය අවධි කිහිපයක් ඔස්සේ සංවර්ධනය වූවකි.

පසුගිය 2024 ජනවාරි 8 වෙනි දින පැවැත්වුනු CES tec event හිදී Wi-Fi Alliance සංවිධානය විසින් Wi-Fi හි නවතම අනුවාදය වන Wi-Fi 7 නිල වශයෙන් එළිදක්වන ලදී. මෙම නව සංවර්ධනයත් සමඟ Wi-Fi තාක්ශණයේ මෙතෙක් පැවති Wi-Fi 6E ට සාපේක්ශව Wi-Fi 7 හි වේගය, Bandwidth අගය වැනි විශේශාංග කිහිපයක් Wi-Fi 7 සමඟ දියුණු කර තිබේ.

Wi-Fi 7 නිර්මාණය කර ඇත්තේ Wi-Fi 6 හි 9.6Gbps ට වඩා තුන් ගුණයකටත් වඩා වේගවත් 40Gbps සහ 46Gbps [PDF] දක්වා උපරිම throughput වේගයක් ලබා දීමටය. Wi-Fi 6 හි උපරිම 160 MHz හා සසඳන විට Wi-Fi 7 320 MHz දක්වා පුළුල් channel bandwidth එකකට සහය දක්වයි. මෙය වඩාත් කාර්යක්ෂම දත්ත සම්ප්‍රේෂණයට ඉඩ සලසයි සහ ප්‍රතිදානය සැලකිය යුතු ලෙස වැඩි කිරීමටද ඉඩ සලසා දෙයි. Multi-Link Operation මඟින් බහු සංඛ්‍යාත කලාප හරහා එකවර දත්ත සම්ප්‍රේෂණය කිරීමට සහ ලබා ගැනීමට උපාංගවලට හැකියාව ලබා දෙයි, එමෙන්ම උපාංග අතර විශ්වසනීයත්වය වැඩි දියුණු කිරීම සහ ඔබේ උපාංග අතර data latency ද අඩු කරයි. MLO යනු Wi-Fi 7 මඟින් හඳුන්වා දෙන ලද විවිධ සංඛ්‍යාත කලාප සහ නාලිකා හරහා එකවර දත්ත යැවීම සහ ලබා ගැනීමට හැකිය යන සංකල්පයයි.

2023 අග භාගයේදී මෙම තාක්ශණයේ Research and development නිම කල අතර මේ වන විට Wi-Fi 7 සහිත උපාංග වෙළඳපොලට පැමිණ තිබේ.

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...