Home Tech News social media WhatsApp වෙතින් short videos යැවීමේ පහසුකම ලබාදෙයි
social mediaTech NewsUpdates

WhatsApp වෙතින් short videos යැවීමේ පහසුකම ලබාදෙයි

Share
blank
Share

WhatsApp වෙතින් තවත් අලුත් විශේෂාංගයක් හදුන්වා දෙන්න සූදානම් වෙනව. ඒ instant video messages යැවීමේ පහසුකම. මෙය Telegram වල තියන විශේෂාංගය වගේ මිනිත්තුවක් දිග වීඩියෝවක් චැට් වලින් සෙන්ඩ් කරන්න ඉඩ ලබාදෙනව.

ඔබට අවශ්‍ය footage එක ලබාගැනීමට වීඩියො බට්න් එක hold කරගෙන සිට රෙකෝඩ් කරගැනීම කරන්න පුලුවන්. මෙමගින් යවන වීඩියො වල හඩ automatically mute වෙලා තියෙන්නෙ. එනිසා ඔබට අවශ්‍ය නම් පමනක් sound ඔන් කර මෙ වීඩියො ප්ලෙ කරන්න පුලුවන්.

මෙම වීඩියො මැසේජස් වලටත් end-to-end encrypt පහසුකම තියනව. මෙටා සමාගම පවසන ආකාරයට මෙම නව විශේෂාංගය ඉදිරි සති කිහිපයෙදි සියලුම පරිශීලකයන් සදහා නිකුත් වෙනව.

WhatsApp දිගු කලක් තිස්සේ වීඩියෝ යැවීමේ හැකියාව ඉදිරිපත් කර තිබුනත්, මෙම නව වීඩියෝ පණිවිඩ විශේෂාංගයෙ පියවර අඩු නිසා එය ඉක්මන් සහ පහසුවෙන් බාවිතා කරන්න පුලුවන්.

පසුගිය වසර තුල WhatsApp සදහා බිලියන 2 පමන සක්‍රීය පරිශීලකයන් ඉදල තියනව. ඒවගේම Telegram සෑම මසකම මිලියන 700 ක සක්‍රීය පරිශීලකයින් සමඟ වේගයෙන් ව්‍යාප්ත වෙනව. අනෙකුත් සමාජ වේදිකා වලින් දැඩි තරඟයක් තිබියදීත් Snapchat තවමත් වර්ධනය වෙමින් තිබෙනව. Apple’s iOS 17 මගින් iPhone භාවිතා කරන්නන්ට FaceTime video voicemail පහසුකමත් හදුන්වා දී තිබෙනව.

ඉතින් අනෙක් social media platform වලට තමන්ගෙ පරිශීලකයන් ඇදීයාම වැලැක්වීමට WhatsApp වෙතින් මෙවැනි නව විශේෂාංග රැසක් මෑත කාලයෙදි හදුන්වා දුන්න.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

1 Comment

  • දැනටමත් කොරියාවෙදි පාවිච්චි කරනව

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...