Home Tech News cyber security වසර 45ක් සපුරන SPAM Emails
cyber securityInternetTech News

වසර 45ක් සපුරන SPAM Emails

Share
blank
Share

අදින් අවුරුදු 45කට පමන කලින් තමයි ලොව පළවෙනි ස්පෑම් පණිවිඩය නිකුත් වෙලා තියෙන්නෙ. 1978 මැයි මාසයේ ඇමරිකාවේ ජීවත් වුනු ගැරී තෝක් නම් පුද්ගලය විසිනුයි මෙම ස්පෑම් පණිවිඩය යවා තිබෙන්නෙ. ඔහු පරිගණක සමාගමක අලෙවිකරුවෙක්. ඔහු මෙම ස්පෑම් පණිවිඩය යවා තිබෙන්නෙ දැන් තිබෙන අන්තර්ජාලයේ මූලාරම්භය වෙන ආපානෙට් හරහා. එමගින් ඔහු යවා තිබෙන්නෙ විස්තර පත්‍රිකාවක්.

මෙම විස්තර පත්‍රිකාව ඔහු ආපානෙට් හරහා 393 දෙනෙකුට නැවත නැවත ලැබෙන ලෙස යවා තිබෙනව. තමන්ගේ පරිගණක ගැන ලියවුනු මෙම පණිවිඩය ලොව පලමු ස්පෑම් වර්ගයේ ඊමේල් පනිවිඩය ලෙස සැලකෙනව. මේ ආකාරයට එකම පණිවිඩය එකම ඊමේල් එකවුන්ට් එකකින් නැවත නැවත ලැබෙනව නම් ඒවා ස්පෑම් ලෙස හදුන්වනව.

අතීතයේදි මේ ස්පෑම් ඒතරම් කරදරයක් නොවුනෙ වැඩි දෙනෙක් අන්තර්ජාලය බාවිතා නොකල නිසා. නමුත් දැන් අන්තර්ජාලයේ දියුනුවත් සමග ස්පෑම් පණිවිඩ පැමිනීම විශාල ගැටලුවක් වෙලා තියනව. දිනකට ලොවපුරා ඊමේල් කෝටි 3200 පමන හුවමාරු වෙනව. ඒ අතරින් 45.37%ක්ම ස්පෑම් මේල්. ඒත් 2020, 2021 අතර කාල‍යේ ඊමේල් කෝටි 3364ක් පමන යවා තිබෙන අතර එයින් කෝටි 2830ක්ම ස්පෑම් මේල්.

වර්තමානයේ මේ ආකාරයට ෆිශිං සදහාත් ස්පෑම් මේල් යොදාගන්නව. මහජනයා වෙත ස්පෑම් මේල් මගින් නිශ්පාදනයක් හෝ සේවාවක් පිලිබද විස්තර එවා එහි තිබෙන ලින්ක් එකක් ක්ලික් කර වෙබ් අඩවියකට පිවිසීමටත් ඉන්පසු පරිශීලකයන්ගේ බැංකු ගිණුම් විස්තර ඇතුලත් කිරීමට කියා ඒවා ලබාගැනීමත් දැන් බහුලව සිදුවෙනව. බොහොමයක් දැන් තිබෙන අන්තර්ජාල සර්වර් වලට සයිබර් ප්‍රහාර එල්ල කරන්නෙ ස්පෑම් හරහායි. ඒ එහි ඊමේල් තදබදය (bottleneck) වැඩි වෙන ලෙස ස්පෑම් එවීම මගිනුයි.

මේ ආකාරයට ලොව වැඩියෙන්ම ස්පෑම් එවන්නෙ ඇමරිකාවේ ඉදන්. ඇමරිකාවෙ සිට දිනකට ස්පෑම් කෝටි 861ක් පමන නිකුත් වෙනව. චීනයෙන් කෝටි 853ක් එවන අතර රුසියාවෙන්, බ්‍රසීලයෙන් සහ ඉන්දියාවෙන් ඉන්පසු වැඩියෙන්ම ස්පෑම් නිකුත් කරන රටවල්. ස්පෑම් නිකුත් කරන්නන් ඇල්ලීමට අන්තර්ජාතික වශයෙන් කටයුතු කළත් ඔවුන් අල්ලා ගැනීම පහසු නැත. ඔවුන් පරිගණක ආරක්ශන පද්ධති වලින් බේරීමට තරම් සූක්ශම වීම මෙයට හේතුවක්.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...