Home Tech News Phones WhatsApp ජනප්‍රියත්වය වෙනස් කල Privacy Policies
PhonessoftwareTech News

WhatsApp ජනප්‍රියත්වය වෙනස් කල Privacy Policies

Share
blank
Share

WhatsApp ආයතන විසින් මීට මාසයකට කලින් ඔවුන්ගේ අලුත්ම privacy policy එක users ල වෙත ඉදිරිපත් කිරීමත් සමගම මුළු ලෝකයම මේ ගැන කතා කරන්න පටන් ගත්තේ හොද ආකල්පයකින් නෙමෙයි. මේ නිසාම විශාල පිරිසක් Whatsapp අතඇරිය වගේම මේ Privacy Policy Change එක ගැන ජනතාව දැනුවත් කරන්නත් Whatsapp එකට සිදුවුනා.

ඔයාලත් WhatsApp පාවිච්චි කරනවනම් මේක අනිවාර්‍යෙන් prompt වෙන්න ඇති. කලින් තිබුන privacy policies වලට වඩා මතභේදාත්මක කරුණු කීපයක් අලුතෙන් මේ සැරේ එකතු වෙලා තියනවා

2014 වර්ෂයෙ Facebook ආයතනය විසින් ඩොලර් බිලියන 19කට WhatsApp මිලදී ගත්තට පස්සෙ පොරොන්දු උන දෙයක් තමා WhatsApp සහ මවු ආයතන‍ය වෙන Facebook අතර Share and Process වෙන Data ප්‍රමාණය පුළුවන් තරම් අඩු කරන එක සහ Users ලගෙ data පුළුවන් තරම් අඩුවෙන් WhatsApp එකතු කරගන්නව කියන එක. ඒත් මේ අලුත් policy update එකෙන් පස්සෙ ඒක බොහෝදුරට වෙනස් වෙනව වගේම ලෝකෙ පුරා WhatsApp පාවිච්චි කරන අයත් මේ ගැන දෙපාරක් හිතන්න පෙලඹිල තියනවා.

මේ policy එකට disagree වෙන්න තාවකාලිකව users ලට පුලුවන්. ඒත් පෙබරවාරි 8න් පස්සෙ WhatsApp දිගටම පාවිච්චි කරනවනම් මේ policy එකට අනිවාර්‍යෙන් agree වෙන්න හෝ එහෙම නැත්නම් WhatsApp account එක delete කරන්න වෙනව කියල තිබුනත් මේක 2021 මාර්තු වෙනකම් පස්සට දාන්න WhatsApp අයිති Facebook ආයතනයට සිදුවුනා.

Updated Policies එක්ක WhatsApp Collect කරගන්න සහ share කරගන්න Data සමහරක් පහත සඳහන් වෙනවා.

  • Location data.
  • IP addresses.
  • Phone model.
  • OS.
  • Battery level.
  • Signal strength.
  • Browser.
  • Mobile network.
  • ISP.
  • Language.
  • Time zone.
  • IMEI.

WhatsApp විසින් “Transactions and Payments data” ලෙස වෙනම කොටසක්ද මේ යටතේ ඇතුලත් කරල තියනවා. මේ යටතේ WhatsApp හරහා කරන මිලදී ගැනීම් පිලිබඳ තොරතුරු එකතු කරගන්න Facebook ආයතනය සූදානම් වෙනවා වගේම මෙය සිදු කරන්නෙ විශ්ලේෂණාත්මක අරමුණු සඳහා පමණක් කියල එයාල කියල තිබ්බත් ඒ මගින් එක් එක් user ව uniquely හඳුනාගන්න මේ මගින් පුලුවන් වෙනව කියලයි සඳහන් වෙන්නෙ.

මේ අලුත් Privacy Policy එක ලෝකෙ හැමෝටම එක වගේ බලපාන්නෙ නෑ. තමන්ගෙ ජනතාවගෙ ඩිජිටල් පෞද්ගලිකත්වය ගැන විශේෂ අවධානයක් යොමු කරන යුරෝපා සංගමයේ රටවල මේ policy එක එහෙම් පිටින්ම තමන්ගෙ රටවල්වල Users ලට හඳුන්වා දෙන්න WhatsApp ආයතනයට අවසර ලබා දීල නෑ. ඒ හින්ද යුරෝපා රටවල් 27ක users ලට මේ prompt එකේ තිබුනෙ එක bullet point එකක් විතරයි වගේම WhatsApp එකට අදාල data, වෙන තුන්වන පාර්ශව එක්ක share කරගන්න එකටත් මේ එක්ක වැට බැඳිල තියනවා.

Facebook සහ WhatsApp ආයතන වල මේ හිතුවක්කාර ක්‍රියාව නිසා ලෝකයේ බොහෝ දෙනෙක් මේ වෙනකොට WhatsApp වෙනුවට යොදාගන්න පුලුවන් විකල්පයන් ගැන අවධානයෙන් ඉන්නෙ. යුරෝපා සංගමයේ රටවල් තමන්ගේ රටේ ජනතාවට පාවිච්චි කරන්න කියල recommend කරපු Privacy focused Instant Messaging service එකක් වෙච්ච Signal වගේම Big Tech Company වලට අයිති නොවන ස්වාධීන service එකක් වෙන Telegram වගේ IM සේවා වලට හුඟක් දෙනාගෙ ආකර්ෂණය මේත් එක්ක  ලැබිල තියනවා.

Share

Leave a comment

Leave a Reply

Related Articles

Chat Backup වලට අමතර ආරක්ශාවක් WhatsApp වෙතින්

WhatsApp වෙතින්, දැන් ඔයාලගේ chats ආරක්ශා කරගන්න තවත් විශේෂාංගයක් ලබාදීලා තියෙනවා. දැන්...

අලුතෙන් ආපු ChatGPT Atlas AI Browser එක

OpenAI සමාගම විසින් පසුගියදා ChatGPT Atlas නමින් AI-powered web browser එකක් නිකුත්...

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත්...

Windows 10 ඇත්තටම ඉවරද, ඊලගට මොකද කරන්නෙ…?

ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයන් විසින් භාවිතා කරන ලද Windows 10 මෙහෙයුම්...