Home Tech News Explained Unknown Calls ස්වයංක්‍රීයව Block කලහැකි WhatsApp නව අප්ඩේට් එක
Explainedsocial mediaTech NewsUpdates

Unknown Calls ස්වයංක්‍රීයව Block කලහැකි WhatsApp නව අප්ඩේට් එක

Share
blank
Share

WhatsApp වෙතින් තවත් අලුත් විශේෂාංගයක් හදුන්වා දෙන්න සූදානම් වෙනව. ඒ තමයි WhatsApp හරහා නොදන්න අයෙක්ගෙන් කෝල් එකක් පැමිනියොත් දුරකතනය රින්ග් වීමක් සිදුවෙන්නෙ නැහැ. ඒ වෙනුවට ඒ පැමිනි කෝල් එක කෝල් ලිස්ට් එක තුල පමනක් පෙන්වනව. ඒ ආකාරයට කෝල් ලිස්ට් එක තුල දැක්වෙන්නෙ එම කෝල් එක අත්‍යවශ්‍යය ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය එකක් නම් ඒ සදහායි.

මේකත් එක්ක ඔවුන් හදුන්වා දෙන තවත් විශේෂාංගයක් තමයි Privacy Checkup කියන්නෙ. මෙමගින් ඔබේ WhatsApp ගිණුමේ ආරක්ශාව සදහා තවත් privacy layers කිහිපයක්ම එක් වෙනව. එමගින් ඔබේ messages, calls සහ පෞද්ගලික දත්ත ඇතුලු සියල්ලක්ම සදහා අමතර ආරක්ශාවක් ලබාගැනීමේ හැකියාව තිබෙනව. එහි තිබෙන ඔප්ශන්ස් අතර Choose who can contact you, Control your personal info සහ Add more privacy to your chats ආදිය දක්වන්න පුලුවන්.

WhatsApp ඔවුන් ගැන සැලකිලිමත් විය හැකි මිතුරන් පරීක්ෂා කිරීමට පරිශීලකයින් දිරිගන්වන සංවේදී නව වීඩියෝවක් ද නිකුත් කරා. එමගින් අපට සොයා බැලීමට අවශ්‍ය මිතුරාට පනිවිඩයක් යැවිය හැකි අතර ඒ සදහා template එකක්ද සපයා තිබෙනව. එහි “Hey, I’ve been thinking about you. I’m here if you need to chat. No one else can see this but us. And you can also turn on disappearing mode or use the chat lock feature.” ලෙස සදහන් වෙනව.

මෙම විශේෂාංග සහිත අප්ඩේට් එක දැන් සියලු දෙනාටම නිකුත් වී තිබෙනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...