Home Games ගිලෙන්න කලින් බේරෙන්න – Titanic Escape Simulator
Games

ගිලෙන්න කලින් බේරෙන්න – Titanic Escape Simulator

Share
blank
Share

2026 දී playstation සමාගම Titanic Escape Simulator නමින් නව game එකක් එළි දැක්වීමට නියමිතව තිබේ. එය titanic සිදුවීම පාදක කරගෙන නිර්මාණය වන game එකකි. ටයිටැනික් නෞකාව අයිස්බර්ග් එකෙ වදිනවාත් සමග ඔබ, ඔබගේ කැබින් එකෙදී අවදි වීමෙන් ක්‍රීඩාව ආරම්භ වේ. නාවුකාව තුළ වතුර ඉහළ යාම සහ ඇතිවෙන කෝලහලය අතරින් හැකි ඉක්මනින් බේරෙන මාර්ගයක් සොයාගැනීමට ඔබට සිදු වේ.

ක්‍රීඩාව ඉතා සැබෑ බවක් දැනෙන පරිදි නිර්මාණය කර ඇත. පැරණි විලාසිතාවේ මෝස්තර, චලනය වන විදුලි පහන්, ලිස්සන ගෘහ භාණ්ඩ සහ ලෝහ බිඳීමේ ශබ්දය සමඟින් ඔබ මෙම game එක play කරයි. සංගීත කණ්ඩායමේ සංගීතය සහ බියෙන් කෑගසන පුද්ගලයින් ඔබට ඇසෙනු ඇත. ක්‍රීඩාව එම දුක්බර රාත්‍රියේ සැබෑ හැඟීම් playට දැනෙන පරිදි නිර්මාණය කරන බව සදහන් වේ.

ජලය නැව තුළට ගලා එන විට, ඔබ වෙනස්වන මාර්ග, අවහිර වූ කොරිඩෝ සහ ඔබව අපහසුතාවයට පත් කරන සීතල හරහා ගමන් කරීමට සිදුවනු ඇත. ඉදිරියට යාමට හිරවූ දොරවල් විවෘත කළ යුතුය, බාධක මතට නැඟිය යුතුය, සහ සරල ප්‍රහේලිකා විසඳිය යුතුය. කාලය, සීතල සහ ඔබේ තේරීම් ඔබේ පැන යාමේ අවස්ථාවන්ට හා වේගයට බලපාන ආකාරයට ද game එක නිර්මාණය ඇත.

ඔබටත් දුෂ්කර සහ අපහසු තීරණ ගැනීමට සිදුවනු ඇත. ඔබ අන් අයට උදව් කරනවාද, නැතහොත් ඔබව බේරා ගැනීමට උත්සාහ කරනවාද? Game එකෙ පැන යාමට උත්සාහ කිරීමට විවිධ ක්‍රම ඇතුළත් වේ. සෑම මාර්ගයකම විවිධ අභියෝග සහ ඔබට හමුවිය හැකි විවිධ පුද්ගලයින් සිටී.

මෙම ක්‍රීඩාව නිර්මාණය කර ඇත්තේ Tetyana Vysochanska නම් game developer විසිනි. මෙය tense and emotional stories වලට කැමති gamersලා සඳහා නිකුත්වෙන game එකක් ලෙස සදහන් වේ. නිශ්චිත නිකුත් කිරීමේ දිනය කිසිවෙකු තවමත් නොදන්නා නමුත්, ඔබට game එක දැනටමත් PlayStation Store හි ඔබගේ wishlist සදහා එක් කළ හැකිය.

සමහර අය fake or AI generated කළ images and videos අන්තර්ජාලයේ දැක තිබෙනවා. කෙසේ වෙතත්, ක්‍රීඩාව නිල වශයෙන් PlayStation හි list කර ඇති බැවින් game එක නිලවශයෙන් නිකුත්වීම පිළිබදව බලාපොරොත්තුවක් තබා ගත හැක.

Share
Written by
Malaka Madhubhashana

Software development student

Leave a comment

Leave a Reply

Related Articles

අඩුවට Games ගන්න Steam Winter Sale ආරම්භ උනා

PC ක්‍රීඩකයන් බොහෝ දෙනා බලා සිටින Steam Winter Sale වට්ටම් කාලය Valve...

ලබන අවුරුද්දෙ එන අලුත්ම Control Game එක

Control Resonant යනු 2019 දී පළමු Control ක්‍රීඩාව නිර්මාණය කළ Remedy Entertainment...

Red Dead Redemption 1 මොබයිල් සදහා නිකුත් වෙයි.

Rockstar Games හි ජනප්‍රිය Red Dead Redemption ක්‍රීඩාව 2025 දෙසැම්බර් 2 වන...

නොමිලේ Play කරන්න පුලුවන් අලුත්ම Game එක

Where Winds Meet යනු පැරණි චීනය කෙන්ද්‍ර කරගෙන නිර්මාණය කර ඇති නව...