Home Tech News Computers Computing ලෝකය වෙනස් කල Raspberry Pie
ComputersExplainedHardwareTech News

Computing ලෝකය වෙනස් කල Raspberry Pie

Share
blank
Share

මීට වසර 11කට පමන පෙර එනම් 2012 පෙබරවාරි 29 වන දින වෙළදපොලට කුඩා අතේ ගෙන යා හැකි පරිගණයක් නිකුත් වුනා. එය ග්‍රෑම් 45 පමන බරකින් යුක්ත විය. ඒ පරිගණකය තමා රාස්බෙරි පයි. මෙය දැන් ලොව පුරා සිටින සිසුන් විශාල සංක්‍යාවක් බාවිතා කරන පරිගණකයක් වී හමාරයි.

මෙම රාස්බෙරි පරිගණකය මූලිකවම නිපදවා තිබෙන්නෙ විශ්වවිද්‍යාල සිසුන්ගේ programming හැකියාව දියුනු කිරීමට හා ඔවුන්ගේ Hardware පිලිබද අවබෝධය වැඩි කිරීම පිනිසයි. මෙය සරල ලෙස නිමවා තිබෙන්නෙ පරිගණයක යනු සංකීර්න යන්ත්‍රයක් නොව එය සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික උපකරනයක් පමනක් බව සිසුන්ට ඒත්තුගැන්වෙන විදියටයි.

රාස්බෙරි පරිගණකයෙ සැකැස්ම ගත්විට එහි සියලුම මූලික කොටස් අඩංගු වෙනව. නමුත් එය මුලින්ම ගත්විට ඇත්තෙ සාමාන්‍ය පරිපත පුවරුවක් පමනක් වන අතර එයට කේසින් එකක්වත් අඩංගු වෙන්නෙ නැහැ. මෙය බාවිතා කරන්නා එම අවශ්‍ය IO devices සවිකර එය පරිගණකයක් ලෙස සකස් කර ගතයුතුය.

මෙහි ප්‍රදාන කොටස වන්නෙ එහි ඇති චිප් එකයි. මෙය දුරකතන වල ඇති චිපය මෙන් SOC මාදිලියෙ චිප් එකකි. එහි ප්‍රොසෙසරය, ග්‍රැෆික්, රැම් සහ යූඑස්බී කන්ට්‍රෝල් යන සියල්ලක්ම තිබෙනව.

ඒවගේම මොනිටරයක් සම්බන්ද කිරීමට අවශ්‍ය HDMI පෝට් එකක්ද මෙහි අඩංගු වෙනව. මෙය බලගන්වන්නට ඇත්තෙ දුරකතන වල මෙන් micro usb පෝට් එකක්. දුරකතන චාජරයක් මගින් වුවත් මෙයට බලය ලබාදෙන්න පුලුවන්. මෙහි හාඩ් ඩිස්ක් එකක් අඩංගු නැති අතර ඒ සදහා SD card ස්ලොට් එකක් තිබෙනව.

මීට අමතරව රාස්බෙරි පරිගණකයෙ DSI(Display Serial Interface), J8 40-pin, Video out socket, analog audio output, usb port දෙකක් සහ ethernet port එකකින් සමන්විත වෙනව.

රාස්බෙරි පරිගණකය තුල ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය හෝ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක කරන්න පුලුවන්. නමුත් සංවර්ධකයන් නිර්දේශ කරන්නෙ මෙයටම නිපදවා තිබෙන රාස්බෙරි ප‍යි මෙහෙයුම් පද්ධතියයි.

මූලික වශයෙන් ගත්විට දැන් රාස්බෙරි පරිගණකය යොදාගෙන කරන වැඩ බොහොමයක් ඇත. ඒ අතර පරිගණක ක්‍රීඩා තැනීම, විවිද යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කිරීම, සර්වර් පද්ධති සැකසීමට, රොබෝ යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට, ඩ්‍රෝන යානා හැසිරවීමට සහ ගෘහස්ත ආරක්ශන පද්ධති සැකසීම වැනි විශාල ලැයිස්තුවක් තිබෙනව. මෙම පරිගණකයෙ චිප් සෙට් එක හැ‍ර අනෙක් දෘඪාංග ආදී සියල්ලක්ම open source කොටස්ය. ඒ නිසා ඕනෑම අයෙකුට මේවා දියුනු කරන්නත් ඒවා විකුනන්නත් හැකියාව තිබෙනව.

මෙම රාස්බෙරි පරිගණකය නිර්මානය කලේ Eben upton නම් පරිගණක විද්‍යාඥයා විසින්. ඔහු කේම්බ්‍රිජ් සරසවියෙ මහචාර්යවරයෙකු ලෙස කටයුතු කරන කාලයෙ ඔහුගෙ සිසුන් Computer programming සදහා දුර්වල බව දැක ඔවුන්ට පහසුවෙන් Programming හා hardware පිලිබදව ඉගැන්වීමට ඔහු මෙම පරිගණකය නිර්මානය කර තිබෙනව. රාස්බෙරි යනු කුඩා දරුවන් කැමති පලතුරක් නිසා ඔහු මෙයට රාස්බෙරි ලෙස නම් කර තිබෙනව.

රාස්බෙරි පරිගණකයෙ නිර්මාතෘ ඊබන් උප්ටන්

ඔහු මෙම පරිගණකය ප්‍රසිද්ධ කිරීමෙන් පසු එයට විශාල ඉල්ලුමක් ලැබුනු අතර ඒ ඉල්ලුම සලකා ඔහු Raspberry Foundation නමින් නව සමාගමක් පිහිටුවාගෙන චීන සමාගමකට රාස්බෙරි පරිගණක නිපදවීමට ඇනවුම් ලබාදී තිබෙනව.

මෙම රාස්බෙරි පරිගණකය මුලින්ම වෙළදපොලට නිකුත් කල දිනයෙදි Circuits 10000ක් නිකුත් කර පැයක් යාමටත් පෙර අවසන් වී තිබෙනව. මේ ආකාරයට ජනප්‍රියත්වයට පත්වුනු රාස්බෙරි පරිගණකය සදහා අදවන විට පරිශීලකයන් මිලියන 46 පමන ලොවපුරා සිටිනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...