Home Tech News Events වඩාත්ම බලගතු ‘Tesla Bot’
EventsTech News

වඩාත්ම බලගතු ‘Tesla Bot’

Share
blank
Share

Tesla ආයතනයේ කෘත්‍රිම බුද්ධිය පිලිබඳ පර්‍යේෂණ අංශයේ අධ්‍යක්ෂවරයා වන Andrej Karpathy විසින් ප්‍රකාශ කරල තියනවා තම සමාගමේ ‘Tesla Bot’ platform එක කෘතිම බුද්ධිය සම්බන්ධයෙන් පවතින බලගතුම development platform එක බවට ඉදිරියේදී පත් වෙනව කියල. පසුගිය වසරෙ තිබුන Tesla AI Day එකේදි Elon Musk පවා ප්‍රකාශ කරල තිබුන Tesla සමාගම electric වාහන නිශ්පාදනයෙන් ඔබ්බට ගිහින් කෘතිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණය පිලිබඳ වැඩි අවධානයක් යොමු කිරීමට සැලසුම් කරගෙන ඇති බවට.

Elon Musk විසින් Tesla ආයතනයේ AI අංශය ගැන ඉතා සතුටෙන් සිටින බවයි පෙනී යන්නෙ. ඒ වගේම ඔහු විශ්වාස කරනව තම සමාගම AI භාවිතා කරල electric වාහන වැනි සැබෑ ලෝකයේ යෙදවුම් සංවර්ධනය කරන්න පුලුවන් හොඳ තැනක සිටිනවා කියලත්.මේත් එක්ක Tesla සමාගම වැඩි වශයෙන් AI සහ machine learning ක්ෂේත්‍ර වල දක්ෂයින් තම සමාගමට එකතු කරගන්න උනන්දු වෙන ස්වභාවයක් තමයි පෙනෙන්නේ. Tesla වෙබ් අඩවියේ පවා මේ සම්බන්ඳව අලුත් job listings කිහිපයක් දකින්න ලැබුනා.Tesla Bot සහ ඒ සම්බන්ඳ තොරතුරු මේ විදිහට වාර්තා වුනේ Tesla AI Day එකේ සිදුකරපු presentation එකකදි. ඒ presentation එකේදි Karpathy විසින් මේ පිලිබඳ වැඩිදුර විස්තර ප්‍රකාශ කරල තිබුනා.

Share
Written by
Pasindu Ruwandeniya

An internet kid who loves open-source software and new technologies.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...