Home Tech News Surface phone එක ගැන leak වුන news
Tech News

Surface phone එක ගැන leak වුන news

Share
blank
Share

ගොඩක් අය ඉතා උනන්දුවෙන් බලන් ඉන්න surface phone එක සාමාන්ය mobile device එකක් වෙන්නෙ නැහැ කියන Microsoft සමාගම මේ වෙනකම් ඒ ගැන කිසිම තොරතුරක් මාධ්යයට ලබා දුන්නෙ නැහැ. 2017 ජනවාරි මස 10 වැනිදා අනුමත වුන microsoft ලට අයත් patent එකක වැදගත් වගේම වෙනස්ම mobile device එකක් ගැන තොරතුරු අඩංගු වුනා. මේ Microsoft ල develop කරන surface phone වෙන්න පුලුවන් කියන එක බොහෝ දෙනෙක් අනුමාන කරනව.

Patent එක අනුව මේ mobile device එක display 2ක් තියෙන foldable device එකක්. සම්පූර්ණයෙන් දිගහැරුනම තනි display එකක් විදිහට tab mode එකෙත් Display එක පිටතට තියෙන විදිහට fold කරාම තනි අතකින් mobile phone එකක් විදිහට පාවිච්චි කරන්න පුලුවන් විදිහටත් තමයි මේ product design එක තියෙන්නෙ. 2008 දි Microsoft සමාගම මේ හා සමාන concept එකක් වෙන microsoft courier project එක ගැන ඉතා උනන්දුවෙන් කතා කලත් පසුව ඒ project එක නවත්වල දැම්ම. ඒ project එකට කරපු concept video එක පහතින් බලන්න පුලුවන්.


Apple Samsung LG වගේ smart phone manufacturers ල මේ වගේ foldable display සහිත mobile devices නිපදවන්න නොහිතනවම නෙමෙයි. මේ තියෙන්නෙ Samsung සමාගම 2014 දි නිපදවපු concept video එකක්.


කොහොම උනත් මේ කතාව ඇත්තද කියල බලන්න Microsoft සමාගම surface phone එක launch කරනකම් බලන් ඉන්න වෙනව.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...