Home Tech News IoT උපාංග සදහා නව ආරක්ෂණ රීති එළි දකී
Tech News

IoT උපාංග සදහා නව ආරක්ෂණ රීති එළි දකී

Share
blank
Share

අන්තර්ජාලයට පිවිසීමට භාවිතා කරන ස්මාට්ෆෝන්, ටැබ්ලට් කොම්පියුටර් මෙන්ම ලැප්ටොප් පරිගණකවලට අමතරව, අන්තර්ජාලය හා සම්බන්ධව ක්‍රියාත්මක වෙන තවත් උපාංග වර්ගයක් තිබෙනවා. අන්තර්ජාලය හා සම්බන්ධිත උපාංග යන තේරුම දෙන ඉන්ටනෙට් ඔෆ් තිංස් හෙවත් අයිඕටී (IOT – Internet of Things) යනුවෙන් හඳුන්වන මේවා අතරට ස්මාට් බල්බ, ස්මාට් ලොක්, කෙළි සෙල්ලම් භාණ්ඩ, ආරක්ෂක කැමරා, ඇතැම් වෛද්‍ය උපකරණ මෙන්ම රෝහල් උපාංගද අයත් වෙනවා. ඩිජිටල් කාඩ් රීඩර්, ස්මාට් ශීතකරණ සහ ටීවී, ස්මාට් ස්පීකර්ද මෙවැනි අන්තර්ජාලය හා සබැඳි උපාංග වෙනවා.

මෙම සෑම උපාංගයක්ම අන්තර්ජාලය හා සම්බන්ධවීමත් සමගම එය ලොකු අනාරක්ෂාවකට නිරාවරණය වෙනවා. හැකර්කරුවන්ට ඒ වෙත පිවිස, තොරතුරු උකහා ගැනීමත්, ඒ ඔස්සේ
හැකර් ප්‍රහාර එල්ල කිරීමත් කළ හැකිවීම එම අනාරක්ෂාවයි. එසේම ඇතැම් වෛද්‍ය උපකරණ ඔස්සේ විත් රෝගීන් හඳුනා ගැනීමටත් ඒ අයට අනතුරක් වුව කිරීමටත් හැකර්කරුවන්ට පුළුවන් බව ඇතැම් පර්යේෂකයෝ පෙන්වා දී සිටිනවා. ඒ සියල්ලෙහි අවසන් අර්ථය, මෙම අන්තර්ජාලය හා සබැඳි උපාංග, පරිගණක ආරක්ෂාව අතින් දුර්වල ඒවා බවයි.

මෙම උපාංග නිෂ්පාදනය කරන්නන් දෙයාකාරයක් සිටිනවා. ඒ වගකීම් සහිත සහ වගකීම් විරහිත වශයෙන්. මෙසේ වගකීම් විරහිත කරන මහජනයා පත් වෙන අසීරුතාව මග හරවනු පිණිස උපකාරී වෙන ක්‍රමයක්, පසුගිය 2024 මාර්තු මස 18 වැනිදා, කනෙක්ටිවිටි ස්ටෑන්ඩර්ඩ් එලායන්ස් ආයතනයෙන් ඉදිරිපත් කර තිබෙනවා.

අන්තර්ජාලය හා සබැඳි උපාංග නිෂ්පාදනය කළ යුතු අවම පරිගණක ආරක්ෂණ ප්‍රමිතියක් හඳුන්වාදුන් මෙම ආයතනය, එය අනුගමනය කොට තනා ඇති ආරක්ෂිත උපාංග වෙනුවෙන් ආරක්ෂිත ලාංඡනයක්ද ඉදිරිපත් කර තිබෙනව. එනම්, එම ලාංඡනය ඇති උපාංග මිලදී ගන්නා පාරිභෝගිකයින් ආරක්ෂිතය.

මෙම සහතික කිරීම ලබා ගනු පිණිස, අයිඕටී උපාංග නිෂ්පාදකයෝ, කනෙක්ටිවිටි ස්ටෑන්ඩර්ඩ් එලායන්ස් ආයතනයෙන් ඉදිරිපත් කරන ක්‍රමවේදය අනුගමනය කර එම සහතිකය ලබා ගත යුතු වෙනවා.

අයිඕටී උපාංග සැලසුම් කරන සහ නිෂ්පාදනය කරන ප්‍රජාවගෙන් සැඳුම් ලත් කනෙක්ටිවිටි ස්ටෑන්ඩර්ඩ් එලායන්ස් ආයතනය, එම උපාංගවල ප්‍රමිතිකරණය පිණිස ලොව ඇති එකම ආයතනයයි. මෙයට කලින්, 2022 නොවැම්බර් 03 වැනිදා, විවිධ අයිඕටී උපාංග අතර නිසි සන්නිවේදනය තහවුරු කිරීම පිණිස මැටර් (Matter) නම් ප්‍රමිතිය එළි දැක්වූයේද කනෙක්ටිවිටි ස්ටෑන්ඩර්ඩ් එලායන්ස් ආයතනයයි. මෙලෙසම එම ප්‍රමිතිය අනුගමනය කොට තනා ඇති උපාංග වෙනුවෙන් ලාංඡනයක්ද හඳුන්වා දී තිබෙනවා. විවිධ නිෂ්පාදකයින් විසින් නිපදවන ලද ස්මාට් හෝම් උපාංග එකිනෙක හා සන්නිවේදනය කළ හැකි ක්‍රමයක් නැහැ. ඒවා ක්‍රියාත්මක වෙන්නේ විවිධ සන්වේදන තාක්ෂණ භාවිතා කරමින්. එවිට ඒවා සියල්ලම එකිනෙක හා සම්බන්ධ කරමින් සියල්ල එක්ව ප්‍රයෝජන ලැබිය නොහැක. ඒ ඒ උපාංගවලට අදාළ ඇප් ක්‍රියාත්මක කරමින් ඒවා වෙන් වෙන් වශයෙන් සක්‍රිය කර වැඩ ගත හැකිවාක් පමණයි. එහෙත් මැටර් ප්‍රමිතියට අනුකූලව උපාංග නිපදවූ විට ඒවා තනි ඇප් එකක් ඔස්සේ එකිනෙක හා සම්බන්ධ කර ක්‍රියාත්මක කළ හැකියි. එනම් මෙසේ මේවා අතර සන්නිවේදනය කෙරෙන පොදු ‘භාෂාව’ මැටර් ප්‍රමිතියයි.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...