Press ESC to close

Stray-an upcoming game Review

Overview

Stray යනු 2021 ජූලි මස gameplay trailer එකක් reveal කිරීමෙන් පසු gaming community එකේ සිත් දිනාගත් පරිගණක ක්‍රීඩාවකි. BlueTwelve studio මගින් develop කරන සහ Annapurna interactive මගින් publish කිරීමට නියමිත 3rd person-adventure පරිගණක ක්‍රීඩාවක් වන Stray හි අපගේ චරිතය වන්නේ “Ha” නමැති පූසෙකි.

Get Your Site Up with A2 Hosting

තමන්ගේ family එකෙන් ගිලිහී,රොබෝවරු විසින් run කෙරෙන cyber city එකක අතරමං වෙන,නැවත තම පවුල වෙත යාම අරමුණුකරගත් පූසෙකු ලෙස අපට ක්‍රීඩාකිරීමට ඇත. B-12 නම් කුඩා රොබෝගේද උදව් ඇතිව මෙම post-apocalyptic feeling එකක් සහිත cyber city එකේ අභිරහසද විසඳමින්, බාධක හා enemies ලාට මුහුණදෙමින්, තම අරමුණ කරා යන සුරතල් පූසාගේ කථාව මෙම ක්‍රීඩාවේ අන්තර්ගතය.

Stray Gameplay trailer

Gameplay

  • Stray හිදී පූසාගේ දෘෂ්ටි කෝණයෙන් ඔබට මෙම desolated city එක හරහා navigate කිරීමට සිදුවේ. පූසා ලෙස ඔබට cyber city එකේ විවිධ objects සමග interact කළහැකිය.විවිධ puzzles විසඳීමට අපට පූසාගේ විශේෂිත skills භාවිතකිරීමට සිදුවේ.එසේම විවිධ platforms වලට යාමට පූසාගේ jumping skills, enemies ලාගෙන් බේරීමට ඇති පූසාගේ escape strategies අපට භාවිතකළ හැකිය.
  • Game progression එකක් සමග ඔබට B-12 නම් කුඩා රොබෝ companion කෙනෙකු මුණගැසෙන අතර ඔහුගේ උදව් ඇතිව පූසාට තනිවම interact කළනොහැකි objects සමගද interact කළහැකි අතර B-12 ගේ translations මගින් අපට අනෙකුත් රොබෝලා සමග communicate කිරීමද සිදුකළ හැකිය.
  • ක්‍රීඩාවට පාදක වූ cyber city එකේ ජීවත්වන්නේ රොබෝයන්ත්‍ර පමණක් නොවේ. Zurks නමින් හඳුන්වන රංචු ලෙස සිටින කුඩා ජීවීන් පූසාට මෙන්ම රොබෝලාටද, enemies ලා ලෙස ක්‍රීඩාවේදී හමුවේ. මොවුන්ගෙන් බේරීමට විවිධ objects හා platforms භාවිතකළ හැකි අතර මොවුන් පූසාගේ ඇඟේ එල්ලුනහොත් පූසාට ඔවුන්ව ගසාදැමිය හැක. Gameplay trailer එකට අනුව game progression එකත් සමග මෙම enemies සමග සටන්කිරීමට පූසාට laser beam එකක් වැනි weapon එකක් හිමිවේ.
  • Gameplay trailer එක නැරඹීමෙන් පසුව පැනනගින ප්‍රශ්න ගණනාවක් ඇත. මිනිසුන්ට සිදුවූයේ කුමක්ද? trailer එකේ කිසිදු තැනක මිනිසුන් පිළිබඳ සඳහනක් නැත. මෙම world එක post-apocalyptic ද?මෙම cyber city එක පමණක් රොබෝලා විසින් run කෙරේද?පූසාගේ family එක ලෙස සලකන family එක මිනිසුන් වියහැකිද?පූසාව customize කළහැකිවේවිද? Laser beam එක හැර වෙනත් gadgets තිබේද? මෙම ප්‍රශ්නවලට පිළිතුරු ක්‍රීඩාව release වූ පසු play කිරීමෙන්ම සොයාගැනීමට සිදුවේ.

Platforms and Release date

ස්ථිර release date එකක් සඳහන් නොවුනත් trailer එකට අනුව මෙම වසරේ ඉදිරිමාස කිහිපය තුළ ක්‍රීඩාව PlayStation 4 ,PlayStation 5 හා PC යන platforms සඳහා නිකුත්වෙනු ඇත.එසේම ක්‍රීඩාව සඳහා system requirements ද තවමත් reveal කර නැත.

Outro

“The cat will always be a cat” යන quote එක highlight කරමින් ක්‍රීඩාවේදී පූසෙකුගේ life style එක, cat actions සහ සුරතල්බව මනාව ඉස්මතුකර තිබේ. මෙම වසරේ ඉදිරි මාස කිහිපය තුළ නිකුත්වීමට නියමිත “Stray” පරිගණක ක්‍රීඩාව 3rd person perspective එකකින් පූසෙකු ලෙස ක්‍රීඩාකිරීමට හැකි ලොව ප්‍රථම පරිගණක ක්‍රීඩාව වන අතර පූසන්ට ආදරය කරන Cat person ලාට මෙම ක්‍රීඩාව හොද අත්දැකීමක් වන බව නොඅනුමානය.

Eshan Amarasinghe

Eshan Loves Gaming and also writes about them, This will help you understand the game better and have an overall good experience.

Comments (1)

Leave a Reply to Senula Cancel reply

Your email address will not be published. Required fields are marked *