Home Games Sniper: Ghost Warrior 3
Games

Sniper: Ghost Warrior 3

Share
blank
Share

CI Games විසින් නිකුත් කරන Sniper game මාලාවේ 3න් වෙනි නිකුතුව තමයි Sniper: Ghost Warrior 3. මේ First person tactical shooter Game එකට පදනම් වෙන්නෙ ජෝර්ජියාවෙ පටන් ගන්න යුද්දයක්. ඊට මූලික වෙන හේතුව නැති කරන්න එහාට යවන American marine sniper Captain Jonathan විදිහට තමයි game එක play කරන්න තියෙන්නෙ. 2017 අප්‍රේල් මාසෙ නිකුත් කරන්න නියමිත මේ game එක Windows, Play station 4 සහ Xbox one වලට නිකුත් වෙනව.

Cryengine එකෙන් හදල තියෙන Sniper: Ghost Warrior 3 කියන්නෙ මීට කලින් නිකුත් කරපු sniper game වලට වඩා වෙනස්, open world type එකට හදපු game එකක්. ඒ කියන්නෙ main mission එක එක දිගටම play කරන්නෙ නැතුව playerට ඕන විදිහට game world එකේ විහිදිල තියෙන war crimes කියන  side missions ගහන්නත් පුලුවන්. ඒ වගේම තමන්ට දීල තියෙන mission එක හොදට study කරල ඕන නම් කිසි සද්දයක් නැතුව stealth විදිහටත්, එහෙම නැත්නම් කෙලින්ම Gun & Run style එකකටත් එහෙමත් නැත්නම් sniper rifle සහ drones වගේ gadgets පාවිච්චි කරලත් missions complete කරන්න හැකියාව තියෙනව.

Sniper: Ghost Warrior 3 වල තවත් විශේෂත්වයක් වෙන්නෙ කොයිම වෙලාවකදිවත් mission එකක main objective එක මොකක්ද කියල පෙන්නන්නෙ නැති එක. main objective එක හොයාගන්න playerට intel gathering missions ගහන්න වෙනව. මේ හරහා තමයි main objective එක හොයාගන්න වෙන්නෙ. මේ වගේ intel gathering mission වලට තමන්ගෙ drone එක පාවිච්චි කරන්න player ට පුලුවන්. ඒ වගේම sniper Rifle එක පාවිච්චි කරද්දි target එකට තියෙන දුර wind speed & direction වගේම player ගෙ හුස්ම ගැනීමෙ වේගය වගේ දේවලුත් බලපානව. දුවගෙන ගිහින් එකපාර accurate shot එකක් ගන්න ඒ නිසා අමාරු වෙනව.

Realism ගැන වැඩි උනන්දුවක් එක්ක හදල තියෙන Sniper: Ghost Warrior 3 game එකේ dynamic weather system එකක් සහ day & night cycle එකක් තියෙනව. මේ නිසා වැස්ස අදුර වගේ දේවල් වලින් mission එකකට උපරිම ප්‍රයෝජන ගන්න playerට පුලුවන්.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

1 Comment

Leave a Reply

Related Articles

ලංකාවේ හදපු Song of Kings Game එක

Song of Kings යනු Sri lankan game studio එකක් වන Mogo Games...

ඔක්තෝබර් 21ක එන Vampire: The Masquerade – Bloodlines 2

Vampire: The Masquerade – Bloodlines 2 යනු ක්‍රීඩකයින් අඳුරු සහ අද්භූත වැම්පයර්...

Marvel Rivals ගැන කතා කරමු

Marvel Rivals යනු ප්‍රසිද්ධ මාර්වල් වීරයන් සහ දුෂ්ටයන් තෝරාගෙන කණ්ඩායම් වශයෙන් සටන්...

මේ මාසෙ එන Sonic Racing: CrossWorlds

Sonic Racing: CrossWorlds කියන්නේ Sonic world එකෙ නවතම kart රේසිං ගේම් එක....