Google Translate app එකට අලුත් real-time පරිවර්තන හැකියාවක් එකතු කරලා තියෙනවා. මේකෙන් ඔයාගේ මයික්‍රොෆෝන් එකෙන් කතා කරන වචන හෝ වාක්‍ය app එක ඔස්සේ ඔබ කැමති භාෂාවට real-time ලෙස audio පරිවර්තනයක් වශයෙන් ඇසීමට පුළුවන් වෙනවා.
මෙම beta feature එක සදහා ඔයාට අවශ්‍ය වෙන්නේ:
• Google Translate app එක (Android phone එකේ)
• ඕනෑම brand එකක headphones / earbuds
• Translate ඇප් එකෙන් “Live translate” කියන button එක ඔබන්න පමණයි.
Google කියන විදියට, මෙහි විශේෂත්වය තමයි කතා කරන අයගේ ස්වරය, තීව්‍රත්වය හදුනාගෙන ඒ අනුව ඇසෙන දේ පරිවර්තනයක් ලෙස ලබා දෙනව. ඒ නිසා කතාබහක් හදුනාගැනීම පහසු වෙනවා. මෙම update එක භාෂා 70කට වැඩි ගණනක් සඳහා සහය දක්වනවා. ඒ නිසා විශාල විදේශ භාශා ප්‍රමානයක් දැන් ඔයාටHeadphone එකෙන්ම real-time translation කරල අසා ගන්න පුළුවන්.
දැන් මේ හැකියාව Android පරිශීලකයින්ට US, Mexico, India වැනි රටවල beta version එකක් ලෙස ලබාදීල තියෙනවා. iOS සහ අනිත් රටවල් සඳහා මේ feature එක 2026දී පරිශීලකයන්ට ලබා දීමට සූදානම්.
මෙම real-time translation විශේෂාංගයත් එක්ක Google හි advanced Gemini AI model එකත් එකතු කරලා තියෙනවා. ඒ කියන්නේ slang වචන, idioms වැනි ප්‍රායෝගික ඌරුව හොඳින් හදුනාගෙන ස්වාභාවික වාක්‍යයන් ලෙස ලබා දීම මේකෙන් සිදුවෙනව.














Leave a comment