2025 ජූලි 2 වනදා, Microsoft සමාගම සිය gaming divisions සඳහා විශාල වෙනසක් සිදු කළ අතර, ඒ සමාගම බොහෝ gaming projects අත්හිටුවීම සහ development process වසා දැමීමත් සිදුවිය. මේ අතර, විශේෂයෙන් සැලකිය යුතු ව්‍යාපෘතියක් වූ Perfect Dark Reboot ක්‍රීඩාවද නිල වශයෙන් අවලංගු කරන ලදි. එමෙන්ම මෙම ක්‍රීඩාව සංවර්ධනය කළ The Initiative නම් Xbox හි gaming studio එකද වසා දැමුණි.
Perfect Dark යනු 2000 වර්ෂයේ දී Nintendo 64 සඳහා නිකුත් වූ FPS game එකක්. මෙය GoldenEye 007 ක්‍රීඩාවේ ආභාෂයෙන් නිර්මාණය වූවකි. Xbox විසින් 2018 දී ආරම්භ කළ The Initiative සමාගම විසින් මෙම නව release එක සඳහා වැඩ ආරම්භ කළේය. 2020දී Reboot එක නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ අතර, 2021 දී Crystal Dynamics (Tomb Raider නිර්මාතෘන්) සමඟ එක්වූයේ project එක වේගවත් කිරීමටය.
Reboot පිළිබදව විශාල බලාපොරොත්තු රැසක් Initative studio සතුව තිබුණි. එය Unreal Engine 5 මත පදනම් වූ අතර, ක්‍රීඩාවේ සිදුවීම් futuristic, Cairo නගරයක සිදුවීමට නියමව තිබුණි. Joanna Dark නියෝජිතාව ලෙස ක්‍රීඩකයා stealth, parkour, gadgets සහ live පරිසරයකින් යුතු FPS action ක්‍රමය භාවිතයෙන් මෙහෙයුම් වල නිරත විය යුතු විය.
නමුත්, development process අතරතුර ගැටළු මතුවිය. The Initiative හි නායකත්වය වෙනස්වීම් වලට ලක්විය, Developer turnover (ඉවත්වීම්) ඉතා වැඩි විය. Crystal Dynamics සහ Xbox අතර අභ්‍යන්තර සමුළුවද සාර්තක නොවීය. 2022දී ව්‍යාපෘතිය අලුතින් ආරම්භ කළත්, වේගවත් ප්‍රගතියක් ලබාගත නොහැකි විය.
Microsoft හි ආදායම් සහ Game Passහී මූලික කළමනාකරණ තීරණ හේතුවෙන්,මෙම ව්‍යාපෘතිය 2025 ජූලි මාසයේදී අවලංගු කළේය. මේ සමඟම Perfect Dark Reboot බලාපොරොත්තුවද බිඳ වැටුණි. The Initiative සමාගම වසා දැමීමත් සමඟ, Xboxහි තවත් AAA game එකක් අහිමි විය.
මේ සඳහා game එකෙ හඩ කැවීම් වලට එක් වූ Alix Wilton Regan මහත්මිය #PerfectPickUp නම් හැෂ්ටැගය මඟින් fan campaign එකක් ආරම්භ කරමින්, Microsoft විසින් මෙම ව්‍යාපෘතිය නැවත සලකා බැලිය යුතු බව කියා සිටියේය. එමෙන්ම Starfield සහ Deus Ex වල නළුවෙකු වූ Elias Toufexis පැවසුවේ, මෙම අවලංගු කිරීම තමන්ට විශාල පාඩුවක් සිදු වූ බවයි.
Perfect Dark නැවත ආරම්භ කිරීම නිල වශයෙන් අවලංගු වී ඇති නමුත්, gaming community එක සහ developers ලා තවමත් මෙය කෙරෙයි බලාපොරොත්තු තබාගෙන සිටී.
කෙසේවෙතත්, Perfect Dark නැවතත් නව කණ්ඩායමකින් හෝ නව අදහසක් යටතේ ආපසු පැමිණිය හැකියි යන්න පිළිබඳ තවමත් බලාපොරොත්තුවක් පවතියි.














Leave a comment