Press ESC to close

Mobile එකෙන් ඔත්තු බලන PEGASUS APP එක

ඊශ්‍රායල තාක්ෂණික කණ්ඩායමක් වන N.S.O විසින් නිර්මාණය කරන ලද පෙගසස් නමැති මෘදුකාංගය Android හා IOS දුරකථනවලට බලපෑම් ඇති කරන ලෙස තොරතුරු ලැබී ඇත.

මෙම PEGASUS මෘදුකාංගය හරහා හැකර්වරුන්ට දුරකතනයේ කැමරාව, මයික්‍රොෆෝනය, ලිපිගොනු, ඡායාරූප සහ ඊමේල් තුළට ප්‍රවේශ විය හැකි බවත්,ජංගම දුරකතන භාවිත කරන්නෙකුට වට්ස් ඇප් ඇමතුමක් හෝ එස්.එම්.එස්. එකක් යැවීමෙන් අදාළ දුරකථනයේ දත්ත අනාරක්ෂිත තත්ත්වයට පත් කළ හැකි බව මෙහි ඇති  අනතුරුදායක තත්ත්වයයි.

Get Your Site Up with A2 Hosting

මෙහි භයානක කම වන්නේ ඔබේ Smart phone එකට එක්වරක් මෙම PEGASUS Spyware පැමිණ ඇත්නම්, අලුතින් ජංගම දුරකතනයක් භාවිත කරන්නට පටන් ගත් විට පවා, මින් පෙර භාවිත කළ ගූග්ල්, වට්ස් ඇප් සහ ෆේස් බුක් ගිණුම් ඔස්සේ නව දුරකතනය ද ආක්‍රමනය කිරීමේ හැකියාව මෙම මෘදුකාංගය සතු වීමයි.

මෙමගින් අපගේ පෞද්ගලිකත්වයට,මාධ්‍යවේදීන් සහ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නන්ට එරෙහිව යොදා ගන්නා අවස්ථා ද පවතී. මෙම අනාරක්ෂිත බාවයෙන් ඉවත් වීමට ඇති එකම ක්‍රමය, අදාළ දුරකතනය භාවිතයෙන් ඉවත් කිරීම පමණයි.

Comments (4)

Leave a Reply to farhad lafarie Cancel reply

Your email address will not be published. Required fields are marked *