- 
English
 - 
en
Sinhala
 - 
si
Tamil
 - 
ta

AMD සමාගමේ අලුත්ම Radeon Super Resolution (RSR) තාක්ෂණය smooth gaming experience එකක් සඳහා හේතු වෙන බව සමාගම ප්‍රකාශ කරල තියනවා. ඔවුන් පවසන ආකාරයට සමහර PC Games ක්‍රීඩා කරද්දි 70%ක පමණ වඩා හොඳ FPS එකක් මේ තාක්ෂණයත් එක්ක අත්දකින්න පුලුවන් වේවී. 2022 CES වලදි තමයි මේ “frame rate boosting” තාක්ෂණය මුලින්ම AMD විසින් හඳුන්වාදෙනු ලැබුවේ. පසුව YouTube video එකකින් ඒ ගැන තවත් විස්තර සමාගම හෙළි කරනු ලැබුවා.

RSR බලගැන්වෙන්නෙ FSR තාක්‍ෂණයෙන් (FidelityFX Super Resolution), මේ දෙකේම frame rate boosting එකක් තමයි වෙන්නෙ. නමුත් මේ තාක්ෂණයන් දෙක ක්‍රියාත්මක වෙන්නෙ වෙනස් ආකාර දෙකකටයි. RSR වල ප්‍රධාන ලක්ෂණය තමයි ඒක Radeon GPU drivers වලට ඇතුලත් කරලමයි තියෙන්නෙ, ඒ නිසා මේ තාක්ෂණය ඕනම පරිගණක ක්‍රීඩාවකට සහය දක්වන්න පුලුවන්. මේත් එක්ක සලකද්දි FSR වලට පරිගණක ක්‍රීඩා සංවර්ධකයා විසින් සහය දැක්වීම සිදු කල යුතු වෙනවා.

Mobile, Internet Service එක ගැන සෑහිමකට පත්වෙනවද?- ReviewSriLanka.com

න්‍යායාත්මකව මේ තාක්ෂණයෙන් 70%ක FPS වැඩිවීමක් සහ සියලු පරිගණක ක්‍රීඩා වලට සහය දැක්වීමක් ප්‍රකාශ කරත් ඒක ඇත්තටම සිදු වේවිද කියන එක සැක සහිතයි. මොකද පරිගණක ක්‍රීඩාවෙන් ක්‍රීඩාවට වෙනස් වෙනව වගේම පරිගණක පවා එකිනෙකට ඉතා වෙනස් ස්වභාවයක් ගන්න පුලුවන් නිසයි.

FSR සහය දක්වන්නෙ පරිගණක ක්‍රීඩා 50කට පමණ වුනත් AMD ආයතනයෙ RSR තාක්ෂණයෙන් මේ frame rate boosting සියලු පරිගණක ක්‍රීඩා වලට ලබාදෙන්න හැකියාවත් තියනවා. මේක gamers ලට හොඳ පුවතක් වුනත් මේ තාක්ෂණයෙන් FPS ඉහළ නැංවීමේ ගුණාත්මකභාවය FSR එක්ක සංසන්දනයෙන් කොහොම වේවිද කියන එක ඉස්සරහට තමයි බලන්න වෙන්නෙ.

2022 පළමු කාර්තුවේදී මේ RSR තාක්ෂණය එන්න නියමිතයි, ඒ කියන්නෙ මාර්තු අග හෝ අප්‍රේල් මුල මේ තාක්ෂණය නිකුත් වෙන්න බොහෝ විට ඉඩ තියනවා.

මේ ගැන සිංහලෙන් කරපු Video එක බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here