Home Tech News CPU AMD GPUs වල Performance 70%ක් ඉහල නංවන තාක්ෂණයක්
CPUGraphicsTech News

AMD GPUs වල Performance 70%ක් ඉහල නංවන තාක්ෂණයක්

Share
blank
Share

AMD සමාගමේ අලුත්ම Radeon Super Resolution (RSR) තාක්ෂණය smooth gaming experience එකක් සඳහා හේතු වෙන බව සමාගම ප්‍රකාශ කරල තියනවා. ඔවුන් පවසන ආකාරයට සමහර PC Games ක්‍රීඩා කරද්දි 70%ක පමණ වඩා හොඳ FPS එකක් මේ තාක්ෂණයත් එක්ක අත්දකින්න පුලුවන් වේවී. 2022 CES වලදි තමයි මේ “frame rate boosting” තාක්ෂණය මුලින්ම AMD විසින් හඳුන්වාදෙනු ලැබුවේ. පසුව YouTube video එකකින් ඒ ගැන තවත් විස්තර සමාගම හෙළි කරනු ලැබුවා.

RSR බලගැන්වෙන්නෙ FSR තාක්‍ෂණයෙන් (FidelityFX Super Resolution), මේ දෙකේම frame rate boosting එකක් තමයි වෙන්නෙ. නමුත් මේ තාක්ෂණයන් දෙක ක්‍රියාත්මක වෙන්නෙ වෙනස් ආකාර දෙකකටයි. RSR වල ප්‍රධාන ලක්ෂණය තමයි ඒක Radeon GPU drivers වලට ඇතුලත් කරලමයි තියෙන්නෙ, ඒ නිසා මේ තාක්ෂණය ඕනම පරිගණක ක්‍රීඩාවකට සහය දක්වන්න පුලුවන්. මේත් එක්ක සලකද්දි FSR වලට පරිගණක ක්‍රීඩා සංවර්ධකයා විසින් සහය දැක්වීම සිදු කල යුතු වෙනවා.

න්‍යායාත්මකව මේ තාක්ෂණයෙන් 70%ක FPS වැඩිවීමක් සහ සියලු පරිගණක ක්‍රීඩා වලට සහය දැක්වීමක් ප්‍රකාශ කරත් ඒක ඇත්තටම සිදු වේවිද කියන එක සැක සහිතයි. මොකද පරිගණක ක්‍රීඩාවෙන් ක්‍රීඩාවට වෙනස් වෙනව වගේම පරිගණක පවා එකිනෙකට ඉතා වෙනස් ස්වභාවයක් ගන්න පුලුවන් නිසයි.

FSR සහය දක්වන්නෙ පරිගණක ක්‍රීඩා 50කට පමණ වුනත් AMD ආයතනයෙ RSR තාක්ෂණයෙන් මේ frame rate boosting සියලු පරිගණක ක්‍රීඩා වලට ලබාදෙන්න හැකියාවත් තියනවා. මේක gamers ලට හොඳ පුවතක් වුනත් මේ තාක්ෂණයෙන් FPS ඉහළ නැංවීමේ ගුණාත්මකභාවය FSR එක්ක සංසන්දනයෙන් කොහොම වේවිද කියන එක ඉස්සරහට තමයි බලන්න වෙන්නෙ.

2022 පළමු කාර්තුවේදී මේ RSR තාක්ෂණය එන්න නියමිතයි, ඒ කියන්නෙ මාර්තු අග හෝ අප්‍රේල් මුල මේ තාක්ෂණය නිකුත් වෙන්න බොහෝ විට ඉඩ තියනවා.

මේ ගැන සිංහලෙන් කරපු Video එක බලන්න

Share
Written by
Pasindu Ruwandeniya

An internet kid who loves open-source software and new technologies.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...