Home Tech News OpenAI සමාගමේ අලුත්ම GPT-4o mini Model එක
Tech News

OpenAI සමාගමේ අලුත්ම GPT-4o mini Model එක

Share
blank
Share

OpenAI සමාගම ඔවුන්ගේ GPT-4o මොඩ්ල් එක පිලිබදව නිවේදනය කර මාස දෙකකට පස්සෙ ඒ මොඩ්ල් එකේම වේගවත් සහ අඩු කාර්යක්ශමතාවක් තියන GPT-4o mini මොඩ්ල් එක හදුන්වා දුන්නා. මේ මොඩ්ල් එක GPT-4o මොඩ්ල් එකට වඩා බලසම්පන්න බවින් අඩුයි. ඒත් MMLU benchmark වලදි 82%ක ප්‍රතිශතයක් ලබාගන්න මේ මොඩ්ල් එකට හැකියාව ලැබිල තිබෙනවා. එම benchmark ටෙස්ට් එකේදිම GPT-4o මොඩ්ල් එක ලබාගෙන තිබෙන්නෙ 88.7% ප්‍රතිශතයක්.

මේ අලුත් මිනි මොඩ්ල් එක ගොඩක් මිලෙන් අඩුයි. Gemini 1.5 Flash සහ Anthropic සමාගමේ Claude 3 Haiku මොඩ්ල් වලටත් වඩා ලාබදායී වෙනවා. මිලියනක input tokens සදහා මෙහි වැයවෙන්නෙ $0.15 මුදලක් වන අතර මිලියනක output tokens සදහා වැයවෙන්නෙ $0.60 මුදලක්.

මේ අලුත් මිනි මොඩ්ල් එක බාවිතා කරන්න සියලුම පරිශීලකයන්ට ඉඩ ලැබෙනවා. ඔබට free ChatGPT account එකක් තිබුනත් මෙය බාවිතා කරන්න පුලුවන්.

LMSYS leaderboard එකේ GPT-4o මිනි මොඩ්ල් එක Anthropic හි විශාලතම Claude 3 Opus සහ OpenAI හි GPT-4 මාදිලි අභිබවා යනවා. OpenAI නැවතත් වේගවත්, ලාභදායී සහ සංවර්ධකයින් විසින් සියලු වර්ගවල යෙදුම් සඳහා භාවිතා කළ හැකි ශක්තිමත් මොඩ්ල් එකක් ගොඩනගා ඇති බව මෙයින් පැහැදිලි වෙනවා.

Google සහ Anthropic ඔවුන්ගේ ලාභම සහ වේගවත්ම Gemini Flash සහ Haiku මාදිලි නිකුත් කිරීමෙන් පසු ඒවා ප්‍රධාන වශයෙන් කතාබහට ලක්වුනා. නමුත් නැවතත්, OpenAI විසින් අලුත් මොඩ්ල් එකත් සමඟ තරඟකාරීත්වය වැඩි කර තිබෙනවා. සංවර්ධකයින් GPT-3.5 Turbo, Gemini Flash, සහ Claude Haiku වෙතින් නව GPT-4o කුඩා මාදිලිය වෙත මාරු වීමට ඉඩ තිබෙනවා.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...