Home Tech News Explained One UI 6 for Samsung Phones Rolling out
ExplainedOSTech News

One UI 6 for Samsung Phones Rolling out

Share
blank
Share

දැනට මාස කිහිපයකට සිට Samsung සමාගම විසින් Android 14 සහ One UI 6 එකෙ beta program එක පවත්වා ගෙන යනු ලබනව. මෙහි ස්තාවර සංස්කරණය නිකුත් වෙන්න පෙර මේ ආකාරයට beta සංස්කරණය කිහිපයක්ම නිකුත් කෙරෙනව. සැම්සුන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුනේ ලබන සති කිහිපය ඇතුලත Android 14 සහ One UI 6 ස්තාවර සංස්කරණය eligible devices වලට නිකුත් කරන බවයි.

Samsung Members ඇප් එකෙ දක්වා තිබුනු ආකාරයට මේ ගෙවෙන්නෙ beta program එක තිබෙන අවසන් සතියයි. ඒවගේම ඉන්පසු වෙනත් කිසිදු beta සංස්කරණයක් නිකුත් නොකරන බව සමාගම පවසා තිබෙනව.

දැනට තිබෙන beta සංස්කරණයෙ තවමත් දෝෂ තිබෙනව නම් ඒවා නිවැරදි කර ස්තාවර සංස්කරණය නිකුත් කිරීමට පෙර අප්ඩේට් එකක් නිකුත් කරන බවත් එසේ නොමැති නම් එකවර ස්තාවර සංස්කරණයම නිකුත් කරන බවත් Samsung සමාගම පවසා තිබෙනව.

මෙම One UI 6 නිකුත් කිරීම සදහා තවමත් නිශ්චිත කාලසටහනක් නිකුත් කර නැහැ. බොහෝවිට Samsung ෆ්ලැග්ශිප් දුරකතන වන S23, S22 සහ Foldable සදහා මුලින්ම අප්ඩේට් එක නිකුත් වනු ඇත. ඒවගේම ඉන්පසු අනෙක් දුරකතන මාදිලි වන A series, M series සහ F series ඇතුලු දුරකතන සදහා නිකුත් වනු ඇත.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...