Home Tech News Explained One UI 6 for Samsung Phones Rolling out
ExplainedOSTech News

One UI 6 for Samsung Phones Rolling out

Share
blank
Share

දැනට මාස කිහිපයකට සිට Samsung සමාගම විසින් Android 14 සහ One UI 6 එකෙ beta program එක පවත්වා ගෙන යනු ලබනව. මෙහි ස්තාවර සංස්කරණය නිකුත් වෙන්න පෙර මේ ආකාරයට beta සංස්කරණය කිහිපයක්ම නිකුත් කෙරෙනව. සැම්සුන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුනේ ලබන සති කිහිපය ඇතුලත Android 14 සහ One UI 6 ස්තාවර සංස්කරණය eligible devices වලට නිකුත් කරන බවයි.

Samsung Members ඇප් එකෙ දක්වා තිබුනු ආකාරයට මේ ගෙවෙන්නෙ beta program එක තිබෙන අවසන් සතියයි. ඒවගේම ඉන්පසු වෙනත් කිසිදු beta සංස්කරණයක් නිකුත් නොකරන බව සමාගම පවසා තිබෙනව.

දැනට තිබෙන beta සංස්කරණයෙ තවමත් දෝෂ තිබෙනව නම් ඒවා නිවැරදි කර ස්තාවර සංස්කරණය නිකුත් කිරීමට පෙර අප්ඩේට් එකක් නිකුත් කරන බවත් එසේ නොමැති නම් එකවර ස්තාවර සංස්කරණයම නිකුත් කරන බවත් Samsung සමාගම පවසා තිබෙනව.

මෙම One UI 6 නිකුත් කිරීම සදහා තවමත් නිශ්චිත කාලසටහනක් නිකුත් කර නැහැ. බොහෝවිට Samsung ෆ්ලැග්ශිප් දුරකතන වන S23, S22 සහ Foldable සදහා මුලින්ම අප්ඩේට් එක නිකුත් වනු ඇත. ඒවගේම ඉන්පසු අනෙක් දුරකතන මාදිලි වන A series, M series සහ F series ඇතුලු දුරකතන සදහා නිකුත් වනු ඇත.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

අලුතෙන් ආපු ChatGPT Atlas AI Browser එක

OpenAI සමාගම විසින් පසුගියදා ChatGPT Atlas නමින් AI-powered web browser එකක් නිකුත්...

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත්...

Windows 10 ඇත්තටම ඉවරද, ඊලගට මොකද කරන්නෙ…?

ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයන් විසින් භාවිතා කරන ලද Windows 10 මෙහෙයුම්...

ලොව පළමු Robot Smartphone එක Honor වෙතින්

ජංගම දුරකථන ඉතිහාසයේ නව හැරවුම් ලක්ෂයක් එක් කරමින් Honor සමාගම නවතම සංකල්පයක්...