Press ESC to close

Rennsport R1 Series එකෙ MSI මගින් බලගන්වන AMG Esports Team එක

MSI සමාගම, AI සහ Gaming තාක්ෂණයේ ගෝලීය ප්‍රමුඛයෙකු වන අතර, ඉහළ performance වගෙම සුඛෝපභෝගී වෙළඳනාමයක් වන Mercedes-AMG සමඟ එහි උපාය මාර්ගික හවුල්කාරිත්වය(partnership) තවදුරටත් පුළුල් කරලා තියෙනවා. පසුගියදා, MSI සමාගම නිල වශයෙන් ප්‍රකාශ කළේ, co-branded කණ්ඩායම වන Mercedes-AMG Esports Team MSI, ඊළඟ පරම්පරාවේ sim racing තරඟාවලිය වන Rennsport R1 හි තරඟ කරන බවයි. මෙය බලවත් වෙළඳනාම දෙකක performance DNA ඒකාබද්ධ කරමින්, සෞදි අරාබියේ රියාද් හි පැවැත්වෙන Esports World Cup (EWC) හි ආකර්ෂණීය ස්ථානයක් සඳහා තරඟ කරනු ඇති.

MSI සහ Mercedes-AMG භාවිතා කරන්නෙ එකම භශාවක් එනම්, නිරවද්‍යතාව(precision), කාර්යසාධනය(performance) සහ නවෝත්පාදනයයි(innovation). මෙම partnership එක ඉහළම මට්ටමේ ඉ-ස්පෝර්ට්ස් සහ මෝටර්ස්පෝර්ට් විශේෂඥතාවය අතර සහයෝගීතාවයක් පමණක් නොව, MSI හි අති නවීන ශිල්පීය කුසලතාව sim racers සඳහා ස්ථාවර, ප්‍රතිචාරාත්මක සහ නවීන ධාවන අත්දැකීමක් ලබා දෙන ආකාරය ද පෙන්වයි. ඒ වගෙම,MSI හි ඉහළ performance සහිත hardware, sim racers හට ඔවුන්ගේ ධාවන කුසලතා, උපායශීලී පාලනය සහ ප්‍රතික්‍රියා වේගය පූර්ණ ලෙස ප්‍රකාශ කිරීමට ශක්තිමත් පදනමක් සපයනවා මෝටර්ස්පෝර්ට් හි සාරය ඩිජිටල් ලෝකයට ගෙන එමින්.

Rennsport R1 Series යනු Rennsport simulation platform හි පැවැත්වෙන ඉහළම මට්ටමේ ඉ-ස්පෝර්ට්ස් ලීගයකි. තරඟාවලිය ප්‍රධාන අදියර දෙකකට බෙදා ඇත, වර්තමානයේ පැවැත්වෙන Seeding Stage හීදී, ධාවකයන් තනි තනිව තරඟ කරමින් වාසිදායක ස්ථාන ලබා ගනී.Group Stage හිදී , ධාවකයන් සිව්දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් ආකෘතියකින් සමන්විත වෙනවා. ඉහළම කාර්යසාධනයක්(performance) පෙන්වන කණ්ඩායම් මේ ගිම්හානයේ රියාද් හි පැවැත්වෙන Esports World Cup (EWC) සඳහා සුදුසුකම් ලබයි, එහිදී ඔවුන් sim racing ලෝකයේ ඉහළම ගෞරවය සඳහා තරඟ කරනු ඇත.

“MSI සහ Mercedes-AMG අතර හවුල්කාරිත්වය technology සහ racing spirit පරිපූර්ණ ඒකාබද්ධතාවකි,” MSI හි අලෙවිකරණ උප සභාපති Sam Chern පැවසීය. “එය MSI හි ඉහළම මට්ටමේ ඉ-ස්පෝර්ට්ස් තරඟකාරිත්වයට ඇති කැපවීම ඉස්මතු කරන අතර, අපගේ hardware නවෝත්පාදනය සහ AMG හි ශූරතා ධාවන DNA අතර සහයෝගීතාවය පිළිබිඹු කරයි. Mercedes-AMG Esports Team MSI, R1 series හි විශිෂ්ටත්වය පෙන්වන අතර ආකර්ෂණීය performance ලබා දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.”

ගෝලීය global esports collaborations හරහා, MSI ඉහළ performance සහිත තාක්ෂණික වෙළඳනාමයක් ලෙස එහි වටිනාකම ඉහළ නංවයි, වෘත්තීය sim racing සිට creator laptops සහ AI-බලැති සර්වර් දක්වා. AMG සමඟ R1 හවුල්කාරිත්වය MSI හි ඉ-ස්පෝර්ට්ස් ශක්තිය ප්‍රදර්ශනය කරනවා පමණක් නොව, කාර්යසාධනය(performance) සහ නිරවද්‍යතාව(precision) සඳහා ආශාව හරහා තරුණ ප්‍රේක්ෂකයින් සහ ධාවන ලෝලීන් සමඟ වෙළඳනාමය සම්බන්ධ කරනවා.

නවතම විස්තර දැනගන්න පහත ලින්ක් වෙත පිවිසෙන්න:

https://r1.rennsport.gg/

MSI: https://www.msi.com

MSI YouTube:   https://www.youtube.com/user/MSIGamingGlobal

MSI Facebook: https://www.facebook.com/MSIGaming

MSI Instagram: https://www.instagram.com/MSIGaming

MSI Twitter:      https://twitter.com/MSITweets

Leave a Reply

Your email address will not be published. Required fields are marked *