Home Tech News Ransomware ප්‍රහාරයට ලක්වුනු CASIO සමාගම
Tech News

Ransomware ප්‍රහාරයට ලක්වුනු CASIO සමාගම

Share
blank
Share

අත් ඔරලෝසු ගැන කතාකරනකොට අපිට මතක් වෙන ප්‍රධාන වෙලද නාමයක් තමයි Casio කියන්නෙ. Analog වගේම digital අත් ඔරලෝසු ප්‍රධාන වශයෙන් මේ සමාගමෙන් නිපදවනව. මීට අමතරව කැල්කියුලේටර්, දුරකතන ඇතුලු විවිධ ඉලෙක්‍ට්‍රොනික උපාංගත් මේ සමාගමෙන් නිපදවනවා.

ජපානයේ සමාගමක් Casio සමාගමත් මේ වනවිට cyberattack එකකට ලක් වෙලා තිබෙනවා. ඒ ransomware attack එකක් ලෙසයි. මේ වනවිට එම සමාගම නිල වශයෙන් මේ සම්බන්ධව තහවුරු කර තිබෙනවා. මේ ආකාරයට හැකර්කරුවන් ලබාගෙන තිබෙන්නෙ Casio සමාගමේ සේවක තොරතුරු, කොන්ත්‍රාත්කරුවන්ගෙ තොරතුරු, ව්‍යාපාර හවුල්කරුවන්ගේ තොරතුරු සහ සමාගමෙ වෙනත් සංවේදී තොරතුරු වන ඉන්වොයිස් සහ තාක්ශනික වශයෙන් වැදගත් වන සමාගමේ ලියකියවිලියි.

මේ ප්‍රහාරය පිටුපස සිටින්නෙ කවුරුන්ද යන්න වග Casio සමාගම විසින් ප්‍රකාශ කර නැහැ. නමුත් Underground නම් ransomware attack සිදුකරන කන්ඩායමක් විසින් මේ ප්‍රහාරය පිලිබදව වගකීම බාරගනිමින් dark web එක තුල ප්‍රසිද්ධ කර තිබෙනවා. මේ Underground කියන්නෙ මෑතකදි ක්‍රියාත්මක වෙන්න පටන් ගත්ත ransomware කන්ඩායමක්.

කෙසේනමුත් මේ Underground කන්ඩායම පවසා තිබෙන ආකාරයට ඔවුන් 200GB පමන දත්ත ප්‍රමානයක් සොරාගෙන තිබෙනවා. ඒ අතරට නීතීමය ලියකියවිලි, සේවක වැටුප් තොරතුරු සහ සේවකයන්ගේ පෞද්ගලික තොරතුරු ඇතුලත් වෙනවා. ඒ වගේම මේ සොරාගත් දත්ත වල සාම්පල් ඔවුන් ප්‍රසිද්ද කර තිබෙනවා. Casio සමාගම විසින් තවමත් ඔවුන්ට ගෙවීමට තිබෙන කප්පම් මුදල කොපමනද යන්න පිලිබදව ප්‍රසිද්ධ කර නැහැ.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...