මේ දවස් වල CES 2025 (Consumer Electronics Show) එක පැවැත්වෙනවා. මේ event එකට ලෝකයේ තාක්ශනික උපාංග නිපදවන නිශ්පාදකයන් විශාල ප්‍රමානයක් ඔවුන්ගේ නව නිර්මාන සමග එක්වෙනවා. Samsung සමාගමෙන් මේ event එකට ඉදිරිපත් කලා ඔවුන්ගේ මීලඟ smart TV lineup එක ගැන තොරතුරු.
වෙනද වගේම Samsung event එකේදිත් වැඩි කතාබහට ලක් වුනෙ අලුත් AI විශේෂාංග ගැනයි. අලුතෙන් එන Samsung Smart TV වල ඔවුන්ගේ Vision AI පහසුකම අඩංගු වෙනවා. Vision AI මගින් Live Translate, Circle to Search, Generative Wallpaper, Home Insights, සහ Pet and Family Care යන විශේෂාංග එක්වෙනවා. මේ Vision AI පහසුකම් ඉදිරියෙදි නිකුත් වෙන Samsung OLED, QLED, Neo QLED, සහ The Frame යන TV සියල්ලටම ලැබෙනවා.
Vision AI සමග එන Live Translate පහසුකමෙන් අපිට චිත්‍රපටියක subtitle එවෙලෙම අපි තෝරන බාශාවකට translate කර පෙන්වනවා. ඒවගේම Circle to Search පහසුකමෙන් දුරකතන වල වගේම තිරයේ පෙන්වන ඕනෑම දෙයක් මත රවුමක් ඇදලා ඒ අදාල දේ search කරගන්න පුලුවන්.
මීට අමතරව Generative Wallpaper පහසුකමෙන් ඔබේ Samsung TV එකට wallpapers generate කරගැනීමෙ හැකියාව ලැබෙනවා. අනෙක් විශේෂාංග වන Home Insights, Pet and Family care මගින් ඔබට ආරක්ශිත කැමරා හෝ සංවේදක වල තොරතුරු ලබාගන්නත් සුරතල් සතුන් සිටින තැන් සොයාගන්නත් නිවසේ විදුලි පහන් කලමනාකරනය කරගන්නත් ඉඩ ලබාදෙනවා.
අවසාන වශයෙන් මේ Vision AI පහසුකමෙන් Video සහ Audio quality එක වැඩි කර පෙන්වන බව Samsung සමාගම පවසනවා. මෙමගින් Video Upscale කරන්නත් HDR වැඩිකරන්නත් Audio වල ගුණාත්මකබාවය වැඩි කරන්නත් පුලුවන්.














Leave a comment