Home Tech News උත්සව සමයට Hit වෙන Scams
Tech News

උත්සව සමයට Hit වෙන Scams

Share
Scam
Share

උත්සව සමය වන විට, බොහෝ සමාජ ජාලා වල “පහත ලින්ක් එක ක්ලික් කර ඔබගේ තොරතුරු ලබා දී වටිනා තෑගි දිනා ගන්න 🎁” වැනි පණිවිඩ ඔබ අනන්තවත් දැකලා ඇති, ඔබටත් ඇවිත් ඇති. මෙවැනි පණිවිඩවලින් ඔබව රවටා වංචා කරන බව ඔබ දැන සිටියද?😳.

නූතන බොහෝ සමාජ ජාලා වල, උත්සව සමය කිට්ටු වීමත් සමග මෙවැනි පණිවිඩ දකින්න, අසන්න ලැබීම ඔබට මට අරුමයක් නොවේ. අසත්‍ය තොරතුරු එවා ඒ මගින් පරිශීලකයින්ව වංචා කිරීමට උත්සහ කරන පණිවිඩ ගණනාවක් උත්සව සමයේදී අප අතර හුවමාරු වෙනවා. “ඉහත ලින්ක් එකට ගොස් තොරතුරු ලබා දී වටිනා තෑගි දිනා ගන්න, ඔබගේ දුරකථනයට එන OTP කෝඩ් එක අප වෙත යොමු කර මුදල් ත්‍යාග ලබා ගන්න” වැනි පණිවිඩ විශේෂයෙන්ම අපට අසන්න දකින්න ලැබේ. මෙවැනි පණිවිඩ වලින් පරිශීලකයින්ගේ පුද්ගලික තොරතුරු, බැංකු ගිණුම් විස්තර සහ අනෙකුත් සංවේදී දත්ත ලබා ගැනීමට scam කරුවන් උත්සහ කරයි. මෙවැනි scam ප්‍රහාර වලට නොරැවටීමට පහත කරුණු පිළිබඳව දැනුවත් වීම අවශ්‍ය වේ:

  • ඔබ වෙත එවා ඇති ලින්ක් එක පරික්ෂා කර බලන්න.
  • ඔබගේ දුරකථනයට එන OTP කේත පිටස්තර කිසිවෙකුටත් හුවමාරු නොකරන්න.
  • Scam ලෙස හැගෙන කිසිදු පණිවිඩයකට ප්‍රතිචාර නොදෙන්න.
  • ඔබගේ දුරකථනයේ Online Accounts , යෙදවුම් වල ආරක්ෂාකාරී බව තහවුරු කරගන්න.

මෙවැනි පණිවිඩ වලට නැවත හසු නොවන්න , බුද්ධිමත්ව කටයුතු කරන්න. කවුරුත් ලේසියෙන්, පිනට, නොමිලේ දේවල් නොදෙන බව තරයේ මතක තබා ගන්න. එම නිසා OTP කේත සහ පෞද්ගලික තොරතුරු කිසිවෙක්ට ලබා නොදෙන්න.

මෙවැනි වටිනා, වැදගත්, කාලීන පණිවිඩ, තාක්ෂණය පිළිබඳ නොදැනුවත් ඔබගේ මිතුරු මිතුරියන්ට හැකි තාක් share කර ඔවුන්ට තේරුම් කර දීම, මෙම වෙබ් පිටුවේ තාක්ෂණයත් සමග නිරන්තරව යාවත්කාලීන වන ඔබ සැමගේ වගකීමක් ලෙස සලකන්න. හැකිතාක් මෙම ලිපිය share කරන්න.

Scam වලට උදාහරණ කීපයක්…

Share
Written by
Nadun nethmalaka herath

I am an ICT student (after A/L) and a small YouTuber. I enjoy video editing and graphic designing. I have some knowledge about modern technology, and I know tips and tricks for laptops, desktops, and mobile phones. I hope to help you with my knowledge.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...