Home Tech News බාධක මැද පටන් ගත්ත Telegram වල සුන්දර කතාව
Tech News

බාධක මැද පටන් ගත්ත Telegram වල සුන්දර කතාව

Share
blank
Share

Telegram කියන නම ඇහුවම මීට අවුරුදු ගානකට කලින්නම් ගොඩක් දෙනෙක්ට මතක් වෙන්නෙ විදුලි පණිවිඩ. හැබැයි මේ වෙනකොට නම් මේ නම ඇහුවම ගොඩ දෙනෙක්ට මතක් වෙන්නෙ Telegram app එක. ඉතින් මේ Telegram app එක ආරම්භ වුනේ නම් සුන්දර වාතාවරණයක නම් නෙමෙයි ගොඩක් බාධක පිරිච්ච කාලයක.

මීට අවුරුදු ගානකට කලින් රුසියාවෙ ජනප්‍රිය App එකක් තිබුණා VK කියල.මේ App එක තවමත් සාර්ථකව වැඩ කරන App එකක් වගේම මේක ගොඩක්ම Facebook වලට සමාන වෙනවා. මේ නිසා මේක මේ කාලෙ ගොඩක් ජනප්‍රිය වුනත් රුසියානු රජයෙන් එල්ල වෙච්ච නීතිමය බලපෑම් එක්ක මේ App එක නිර්මාණය කරපු Durov සහෝදරයො විදෙස්ගත වෙන්න තීරණය කරනවා.

මේ විදෙස් ගත වීමත් එක්කම මේ සහෝදරයන්ට අදහසක් එනවා massaging paltform එකක් හදන්න. මේ එක්කම තමයි Telegram නිර්මාණය වෙන්න පටන් ගන්නෙ. මේ දෙන්නගෙන් වැඩිමලා Nikolai Durov තමයි මේක software පැත්ත සහ programming පාලනය සිදු කරේ. ඒ වගේම ව්‍යවසායකයෙක් වන බාල සහෝදර Pavel Durov මේකෙ CEO වගේම Marketing පැත්ත පාලනය කරා. පලවෙනි වතාවට 2013 අගෝස්තු 13 වෙනිදා telegram IOS වලට නිකුත් වෙනවා. ඒ වගේම 2013 නේම ඔක්තෝබර් මාසයේදී මේ app එක android වලටත් මෙයාල නිකුත් කරනවා. විශ්වාස වන්ත සේවකයන් 15 දෙනෙකු වගේ පොඩි පිරිසකගෙන් මේක මුලදි පාලනය කරා. මේකට ප්‍රදානම හේතුව මේ සහෝදරයො දෙන්න මේ ආයතනය කොටස් වලට බෙදන්න අකමැති වීමයි.

2014 සිට 2015 මුල වෙනකන්ම ජර්මනියේ බර්ලින්ග්ස් වල පිහිටපු මේ telegram ආයතනය ඒ රටෙනුත් එල්ල වුන නීතිමය ප්‍රශ්න නිසා විවිධ තැන් වල වැඩ කරල 2017 දි ඩුබායි වල තමන්ගෙ වැඩ පටන් ගත්තා.

ඩුබායි වල නීතිමය පසුබිමත් එක්ක මෙයලට මේ රටේ දිගටම වැඩ කරන්න අවස්ථාව ලැබුණා. මේ වෙනකොටත් telegram වල ප්‍රධාන ආයතනය පිහිටන්නෙ ඩුබායි වලමයි.

මේ වෙනකොට බිලියනයකටත් අදික Downloads සහ users ලා ලබා ගන්න telegram වලට පුලුවන් වෙලා තියෙනවා. මේකට ප්‍රදානම හේතුව ආරක්ෂිත බව හා පහසුකම් ගොඩක් තිබීමයි.

ඒ වගේම මේ telegram වලින් උපරිම 2GB file size එකේ file share කරන්නත් Unlimited storage එකකුත් දෙන්න telegram සමත් වෙලා තියෙනවා. ඉතින් ගොඩක් බාධක මැද ආරම්භ කරපු මේ Telegram අද වෙනකොට ලෝකයේ වේගයෙන්ම ජනප්‍රිය වෙන massaging app එකක් වෙලා තියෙනවා.

Share

1 Comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...