ඔන්න, Facebook නිර්මාණකරුවන්ට ඔවුන්ගේ stories මගින් ආදායම් උපයා ගැනීමට නව අවස්ථා ලබාදෙමින්, නව monetization විශේෂාංග හඳුන්වා දී තිබෙනවා. මේ විශේෂාංග මගින්, නිර්මාණකරුවන්ට ඔවුන්ගේ content හරහා ආදායම් උපයා ගැනීමට ලැබෙනවා. මේ අතරින් විශේෂයෙන් කතාබහ වන විශේෂාංගයක් වන්නේ Professional Mode.
මෙම Professional Mode මගින්, නිර්මාණකරුවන්ට ඔවුන්ගේ profile වලින් ආදායම් උපයා ගැනීමට හැකියාව ලැබෙනවා. මෙහිදී, නිර්මාණකරුවන්ට ඔවුන්ගේ content සඳහා විවිධ ආදායම් මාර්ග භාවිතා කරන්න පුලුවන්. උදාහරණයක් ලෙස, Reels Play bonus program එක හරහා, නිර්මාණකරුවන්ට ඔවුන්ගේ Reels වීඩියෝවල views ප්‍රමාණය අනුව මාසිකව $35,000 දක්වා ආදායම් උපයා ගැනීමට හැකියාව ලැබෙනවා. මෙය මීට පෙර Pages සඳහා පමණක් තිබූ අතර, දැන් Professional Mode මගින් private profile සදහාද මෙම අවස්ථාව ලබාදී තිබෙනවා.
මේ විශේෂාංග භාවිතා කරන්න, නිර්මාණකරුවන්ට ඔවුන්ගේ profile, Professional Mode වෙත මාරු කළ යුතු අතර, එවිට ඔවුන්ගේ content සදහා වැඩි පිරිසකට ප්‍රවේශ වෙන්න පුලුවන්. එහෙත්, පෞද්ගලිකත්වය සුරක්ෂිත කිරීම සඳහා, නිර්මාණකරුවන්ට තවමත් විශේෂිත පළ කිරීම් හෝ updates මිතුරන්ට පමණක් පෙනෙන ලෙස පළකරන්න පුලුවන්.
මේ සියලුම නව විශේෂාංග, Facebook හි නිර්මාණකරුවන්ට ඔවුන්ගේ content හරහා ආදායම් උපයා ගැනීමට සහ ඔවුන්ගේ ප්‍රේක්ෂකයින් සමඟ තවත් සම්බන්ධ වීමට උපකාරී වෙනවා.












Leave a comment