Home Tech News Ai ChatGPT වල නවතම තරගකරුවා ERNIE
AiTech News

ChatGPT වල නවතම තරගකරුවා ERNIE

Share
blank
Share

චීනයේ ප්‍රධාන තාක්ශනික සමාගමක් වන Baidu සමාගම ChatGPT වල තරගකරුවෙකු ලෙස ඔවුන්ගේ chatbot එළිදැක්වූවා. එය ඔවුන් හදුන්වන්නෙ ERNIE (Enhanced Representation through Knowledge Integration) නමින්. මෙය මොවුන් වසර කිහිපයක සිටම සංවර්ධනය කරමින් තිබූ වැඩසටහනක්.

මෙයට සමගාමීව පැවති press event එකේදි Baidu සමාගමේ CEO Robin Li පවසා තිබුනේ ERNIE හට GPT-4 සතුව ඇති හැකියාවන්ම තිබෙන බවයි. කෙසේ නමුත් මෙම chatbot චීන වෙළදපොල මූලික කරගෙන නිකුත් කරන බවයි එම සමාගම වැඩිදුරටත් පවසා තිබුනේ. එම හේතුව නිසා දැනට එහි පරිශීලකයන් අසන ප්‍රශ්නවලින් චීනයෙන් කලාපයෙන් පිටත ඇතැම් විෂයන් සඳහා පිළිතුරු දීමට නොහැක.

මෙම ERNIE හටත් වචන වලට අමතරව images සහ videos මගින් වුවත් සෙවුම් කිරීමේ හැකියාව තිබෙනව. මෙහි පැවැත්වූ press event එක අතරතුරේදී ERNIE හට චීන විද්‍යා ප්‍රබන්ධ නවකතාවක් සාරාංශ කර දැක්වීමට හැකිවුනා.

ERNIE Bot හි තාක්‍ෂණය භාවිතා කිරීමට සමාගම් 650 ක් දැනටමත් අත්සන් කර ඇති බව Li පැවසූ අතර, එය තවමත් ප්‍රසිද්ධියේ ආරම්භ කිරීමට සූදානම් නැති බව ඔහු පවසා තිබුනා. Baidu සමාගම මෙහි දැනට ප්‍රවේශය ලබා දෙන්නේ දැනටමත් ආරාධනා ලැබී ඇති අයට පමණයි. නමුත් තවත් සමාගම්වලට Baidu ක්ලවුඩ් platform එක හරහා ඔවුන්ගේ නිෂ්පාදනවලට chatbot ලබාගැනීමට ඉල්ලුම් කරන්න පුලුවන්.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...