OpenAI විසින් නිකුත් කළ ChatGPT 5.1 මේ දිනවල ගොඩක් කතාබහට ලක්වෙන AI update එකක්. මේ version එකේ විශේෂත්වය තමයි, ChatGPT එක robotic විදියට පිළිතුරු දෙන්නේ නැතුව, ඇත්තටම කතාබස් කරන්න හුරු මනුෂ්‍යයෙක් වගේ උණුසුම්, සෞම්‍ය භාවයක් ඇති පිළිතුරු ලබාදීම.
පරණ version වලදී ChatGPT එක ගොඩක් පරිගණක මෙන් පෙනෙන පිලිතුරු දෙන බව පරිශීලකයන් කියලා තිබුණා. ChatGPT 5.1 release කරලා OpenAI එම අභියෝගය ජයගෙන තියෙනවා. දැන් AI එක කතා කරන ආකාරය natural, හිතට ලඟ, සහ පහසුවෙන් ග්‍රහනය කළ හැකි දෙබස් ආකාරයේ එකක්.
එහෙම conversational tone එක ඇත්තටම මේ model එකේ ප්‍රදාන වෙනස්කම වුණත්, OpenAI performance වැඩිදියුනු කරන්නත් අමතක කරලා නෑ. Long conversations වල context අමතක නොවීම, තර්ක කිරීමේ හැකියාව වැඩිවීම, සංකීර්ණ ප්‍රශ්න වලට තවත් නිවැරදි පිලිතුරු ලබාදීම—මේ හැම එකක්ම ChatGPT 5.1 තුළ වැඩිවෙලා.
පරිශීලකය අතර මේ අප්ඩේට් එක ගැන තියෙන්නෙ හොද ප්‍රතිචාරයක්. ගොඩක් අය කියනවා ChatGPT 5.1 සමඟ කතා කරනකොට, “AI එක්ක chat කරනවා කියන හැගීම අඩු වෙලා මිනිසෙක් සමග සංවාදයක යෙදෙනවා වගෙ දැනෙනවා කියල. ඒක විශේෂයෙන් study, coding, messaging drafts, explanations වගේ එදිනෙදා වැඩ වලදි උදව්වෙනවා.













Leave a comment