Nothing කියන smartphone brand එක, අලුත් AI feature එකක් ගැන නිවේදනය කරලා තියෙනවා. ඔයාලා දැන් හැමෝම “super apps” ගැන කතා කරන කාලේ, Nothing introduce කරලා තියෙන්නේ AI tool එකක් – මේකෙන් පරිශීලකයන් හැමෝටම තමන්ගේම mini-apps නිර්මානය කරන්න පුළුවන්, හුඟක් සරල prompts ටිකක් බාවිතා කරලා.
සරලවම කිව්වොත්, developer background එකක් නැතත්, coding skills නැතත්, ඔයාලට තමන්ට ගැලපෙන සරල ඇප් එකක් AI හරහා හදාගන්න පුළුවන්. උදාහරණයක් විදියට shopping list එකක් පහසුවෙන් කළමණාකරනය කරන්න app එකක් හෝ daily task reminder ඇප් එකක් නිර්මානය කරගන්න අවශ්‍ය නම් කරන්න තියෙන්නෙ Prompt එකක් type කරන්න, AI එකෙන් ඒ app එක නිර්මානය කරලා දෙනවා.
මෙම tool එක Nothing OS එකට එක් කරලා තියනවා. ඒ කියන්නේ, app එකක් හදාගත්තම, ඔයාලට ඒක phone එකේ native app වගේම run කරන්න පුළුවන්. මේක ඇප් developers ලාටනම් වඩාත් වැදගත් වෙයි, මොකද මේකෙන් ඔයාලට prototype හෝ concept app එකක් ඉක්මනින්ම හදන්න පුළුවන් නිසා.














Leave a comment