Home Reviews Western Digital My Book Unboxing
Reviews

Western Digital My Book Unboxing

Share
blank
Share

External hard Drive එකක් කියන්නෙ storage expansion එකක් හරි backup එකක් විදිහට හරි පාව්ච්චි කරන පිටතින් සවිවන Hard Drive එකක්. අද අපි unbox කරපු western Digital MyBook 3TB Hard Disk එක මේ කටයුතු දෙකටම ගැලපෙන device එකක්. Western Digital කියන්නෙ Storage unit industry එකේ ඉන්න හොද රදා පැවැත්මක් ඇති ආයතන වලින් එකක්. Western digital, Blue, Green, Black වගේ එක් එක් කාර්ය සදහාම නිපදවන Hard Drive range එකක් ඔවුන් නිකුත් කරනවා.

පැක් එක ඇතුලෙ 3TB Hard Disk එක, USB 3.0 cable එක,square pin සහ round pin plug converter එක සහිත power brick එක වගේම user manual එකත් අඩංගු වෙනව. Hard Drive එක හොදින් cool down වෙන විදිහට වටේටම grill සහිත ශක්තිමත් enclosue එකක් ඇතුලෙ තමයි තියෙන්නෙ. මේක table එකේ සිරස් අතට verticle විදිහට තියන්න විතරයි rubber bush හයි කරල තියෙන්නෙ. කුඩා form factor එක නිසා පහසුවෙන් එහා මෙහා ගෙනියන්නත් පුලුවන්. Windows ඕනම version එකක් (Windows XP වල ඉදන්) එක්ක වගේම Mac OS එකටත් මේ storage solution එක compatible වෙනව. NTFS වලින් factory foramt කරල එන drive එක Mac OS එකකට නම් වෙනම format කරන්න වෙනව. එහෙම නැත්නම් paragon NTFS වගේ App එකක් හරහා මෙයට කෙලින්ම සම්බන්ධ වෙන්නත් Mac එකකට පුලුවන්. දැනට රු 22000 – 24000 ත් අතර මිලකට ලංකාවෙන් මෙම Hard Drive එක මිලදී ගන්න පුලුවන්.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

3 Comments

Leave a Reply

Related Articles

Business වැඩට High Security – Tough Design එකක් එක්ක asus P5

Gaming වලින් Business වැඩ වෙනස් වෙන්නෙ අතිශය සංවේදී business details ආරක්ෂිතව තියාගන්න...

Professional වැඩවලට Asus ProArt Displays

Real world Colors ඒ වගේම පෙන්වන්න පුළුවන් ΔE<2අගයක් තියෙන Asus ProArt series...

MSI Pro Series MP223 Monitor Review

MSI Pro Series එකේ අගල් 22 Monitor එක දැන් ලංකාව පුරාම Computer...