Press ESC to close

MSI Laptop Training Event @ Mandarina Colombo

2018 ඔක්තොම්බර් 30 වෙනිද ශ්‍රී ලංකාවෙ MSI නිෂ්පාදන ගෙන්වා බෙදාහරින ප්‍රධාන සමාගම වන Electro Cheval Lanka ආයතනය විසින් සංවිධානය කල MSi laptop ගැන දැනුවත් කිරීමේ වැඩමුළුවක් කොළඹදී පැවැත්වුනා.

This slideshow requires JavaScript.

Get Your Site Up with A2 Hosting

මේ වැඩමුළුව සදහා තායිවානයේ MSi සමාගම නියෝජනය කරමින් ආසියාතික කලාපය භාරව සිටින Mark සහ Frank සහභාගී වුන අතරම ලංකාවේ MSi අලෙවි නියොජිතයන් පැමිණ සිටියා. මේ වැඩමුළුවේ ප්‍රධාන අරමුණ උනේ MSI Laptop / NoteBook වල භාවිතා කරන තාක්ෂණය සහ අලුතින් එන Laptop මාදිලි ගැන අලෙවි නියෝජිතයන් දැනුවත් කර ඒ හරහා පාරිභෝගිකයාගේ අවශ්‍යතාවයට වඩාත් ගැලපෙන නිෂ්පාදන ලබාදීමට යොමු කිරීමයි. වැඩමුළුවේ මාධ්‍ය ආවරණය ලංකාවේ පරිගණක වෙබ් අවකාශය සහ පරිගණක තාක්ෂණය ගැන ඇති සිංහල Youtube චැනලය වන pcguidelk වෙතින් සිදුවුනා.

මෙහිදී විස්තර කල කරුණු සහ ඒ ගැන සම්පූර්ණ විස්තරය මේ Video වෙන් ඔබට දැනගන්න පුලුවන්.

මෙහිදී පැහැදිලි කල ප්‍රධාන කරුණු අතරට

2016 / 2017 වසර වලදී ලෝකයේ laptop වලින් හොදම laptop සන්නාම වලින් 2වෙන ස්ථානයට MSI පත්ව ඇති බව සහ (පළමු ස්ථානය Apple සමාගම) සදහන් වුනා. ඒ තුලින් MSi සමාගම තමන්ගේ laptop / Notebook නිෂ්පාදන සදහා යොමු කර ඇති අවධානය ගැන අවබෝධයක් ලබාගන්න පුලුවන්.

ඒ ව‍ගේම 2018 වසරේ හොදම Gaming Laptop සන්නාමය ලෙස MSI පත්ව තියෙනව. Gaming laptop වල ඇති Cooling, Screen, Audio ගැන ඉතා හොද අවධානයක් සහ අවබෝධයක් සමග Research & development හරහා මේ  ස්ථානයට පත්වීමට MSI සමාගමට හැකිවී තියෙනව.

අනෙක් laptop / Notebook නිෂ්පාදන හා සැසදීමේදී තමන්ගේම laptop නිෂ්පාදනය සදහා කර්මාන්තශාලා ඇති එකම laptop / Notebook නිෂ්පාදකයා වන්නෙ MSI සමාගමයි. මේ නිසා Design Concept අවස්තාවේ සිටම සම්පූර්ණ නිෂ්පාදන ක්‍රියාවලිය තමන්ගේ පාලනය යටතේ තිබීම තුල ඉතාමත් හොද නිෂ්පාදනයක් පාරිභෝගිකයා ගෙවන මුදලට ලබාදීමට MSI සමාගමට හැකියාව තිබෙනව.

ඒ වගේම 2019 වසර සදහා නම්කර ඇති Prestige කාණඩය Video / Audio / Photo / 3D / VR වැනි Content Creators සදහා විශේෂයෙන්ම නිපදවා ඇති මාදිලි කීපයක් හරහා ලබාදෙන බවත් සදහන් උනා. මේ Prestige කාණ්ඩය යටතේ ඇති PS42 සහ අනෙක් මාදිලි වල GTX1060 Max-Q – 1070 Max-Q වැනි ප්‍රභල Graphic ලබාදීමටත් පහසුකම් සලසා තිබෙනව. ඒ වගේම මේ සෑම පහසුකමක් වගේම දිගු battery Life එකක් ලබාදෙන්නටත් Audio සහ Visual සදහාත් හොදම පහසුකම් ලබාදී තිබෙනව.

MSI Gaming features

Cooler Boost තාක්ෂණය යටතේ අදාල laptop / Notebook මාදිලි අනුව Titan, Trinity, 5 , 4 විදිහට Cooling Solutions හදුන්වල දීමු තුලින් සහ අනෙක් laptop නිෂ්පාදන වලට වඩා Heatpipes, Fans යොදාගැනීමෙන් CPU GPU වල උපරිම Performance පාරිභෝගිකයාට ලබාදීමට MSI සමාගමට හැකිවෙලා තියෙනව.

True Color තාක්ෂණය තුලින් තමන්ගේම නිෂ්පාදන Factory පවතින නිසා සෑම laptop / Notebook Screen එකක්ම sRGB සහ Adobe RGB සදහා Calibrate කිරීම තුලින් Desiging සදහා හොදම Screens සහිත නිෂ්පාදන MSI සන්නාමය යටතේ ලබාගන්න පුලුවන්.

Audio – MSI නිෂ්පාදන වල අඩංගු Audio සදහා අති විශේෂ අවධානයක් යොමුකර තිබෙනව. Giant Speaker යටතේ ශබ්දය ප්‍රතිනිර්මාණය කිරීමට විශාල Speakers සහ ඒවාට අවශ්‍ය තාක්ෂණය Bugati, Audi වැනි Sports Car සදහා Audio නිපදවන DynaAudio සමාගමෙන් ලබාගන්න MSI සමාගම කටයුතු කර තිබෙනව.

Nahimic Surround Sound – MSI Laptop වල ඇති Surround Sound තාක්ෂණය ලබාගෙන ඇත්තෙ ප්‍රංශයේ Nahimic ආයතනය වෙතිනුයි. මුල් කාලයේ යුධ තාක්ෂණික සහ ගුවන් නියමුවන් සදහා ශබ්ධ පද්ධති සකස් කල Nahimic සමාගම මේ වන විට Consumer Electronic සදහා තම නිෂ්පාදන ලබාදෙනව.

Steel Series Keyboard තාක්ෂණය ලබාගන්නා MSi සමාගම මේ හරහා වැඩි LED lighting options සහිත මාදිලි සහ Software මගින් මෙම Lighting වෙනස් කිරීම සහ macro Recording හරහා Keyboard එක gaming සදහා උපරිම ප්‍රයෝජන ගත හැකි උපකරණයක් බවට පත්කර තිබෙනව.

Dragon center 2.0 හරහා සම්පූර්ණ පද්ධතියේ Overclocking, Monitoring සහ වැඩකටයුතු රැසක් පහසුවෙන් කරගැනීමේ හැකියාව ලැබෙනව. ඒ වගේම එක් එක් අවස්ථාවට සකස් කරන ලද Profile හරහා මාරුවීම තුලින් (උදා – Gaming Mode) ඒ අවස්ථාවට උපරිම Performance ලබාගැනීමට හැකියාව ලැඩබනව.

 

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Comments (2)

  • kavindasays:

    November 9, 2018 at 2:20 pm

    ගොඩක්ම හෝදයි හරිම පැහැදිලියි ගොඩක් දේවල් දැනගත්ත pc guide.lk ඒකට හැමදාම පාවිවිකරනවා pc නමිpc guide.lk ම තමයි good good good දිගටම කරගෙන යමු හදවතින්ම සුබ පැතුමි මම kavinda

  • kavindasays:

    December 12, 2018 at 11:05 am

    සුපිරි වැඩක් මේි විඩ්යො ඒකෙන් ගොඩක් දේවල් දැනගත්තා සුපිරියි

Leave a Reply to kavinda Cancel reply

Your email address will not be published. Required fields are marked *