Home Tech News OS සහය නොදක්වන පරිගණක සදහා පැමිණි Windows 11 upgrade කිරීමේ පණිවිඩය
OSsoftwareTech NewsUpdates

සහය නොදක්වන පරිගණක සදහා පැමිණි Windows 11 upgrade කිරීමේ පණිවිඩය

Share
blank
Share

මෙම සතියේ මුල දිනක Windows 10 පරිගණක සහිත පරිශීලකයන් කිහිපදෙනෙකුට Windows 11 upgrade කරගත හැකි පණිවිඩයක් දැකගන්න ලැබුන. එහි විශේෂත්වය වන්නෙ මෙම පරිගණක Windows 11 සදහා අවශ්‍ය අවම system requirements නොමැති පරිගණක වීමයි.

Twitter තුළ එක් පරිශීලකයෙකු දක්වා තිබුනේ ඔහුගේ Windows 10 පරිගණකයේ මෙසේ Windows 11 upgrade කිරීමේ පණිවිඩය පැමින තිබූ අතර එම පරිගණකයේ තිබී ඇත්තේ 2GB RAM ධාරිතාවක් පමනයි.

මේ සම්බන්ධව ප්‍රකාශයක් නිකුත් කරමින් Microsoft සමාගම පවසා තිබුනේ සමහර නුසුදුසු hardware සහිත Windows 10 පරිගණක සදහා Windows 11, version 21H2 upgrade එක ලැබී තිබුනු අතර මෙම නුසුදුසු උපාංග Windows 11 ධාවනය කිරීමට අවශ්‍ය අවම අවශ්‍යතා සපුරාලන්නේ නැති අතර, මෙම ගැටලුවට මුහුණ දුන් උපාංගවලට upgrade කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට නොහැකි බවත්ය.

මේ ආකාරයට Windows 10 සහිත පරිගණක වලට Windows 11 upgrade කිරීමේ පණිවිඩ ලැබුනු පළමු අවස්ථාව නොවේ. පසුගිය වසරේදී සියගනනක් වූ Windows Insider beta පරීක්ෂකයන්ට මෙම upgrade කිරීමේ පණිවිඩ ලැබුනු අතර ඔවුන් බොහොමයකගේ පරිගණක Windows 11 ධාවනය කිරීමට අවශ්‍ය අවම අවශ්‍යතා සපුරාලන්නේ නැති පරිගණක වූවා.

Windows 11 ස්ථාපනය කිරීමට නම් එම පරිගණකයේ Trusted Platform Module (TPM) තිබීම අවශ්‍ය වෙනව. Microsoft සමාගම එම අවශ්‍යතාවය ප්‍රථම වරට හෙළි කළ දා සිට, වින්ඩෝස් 11 ධාවනය කළ හැකි පරිගණක මොනවාද යන්න පිළිබඳව තවමත් ව්‍යාකූලත්වයක් පවතිනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...