Home Tech News මුදල් ගෙවා ගතයුතු Copilot Pro
Tech News

මුදල් ගෙවා ගතයුතු Copilot Pro

Share
blank
Share

Microsoft සමාගම විසින් Copilot Pro වැඩසටහන එනම් Copilot වැඩසටහනේ මිලදීගත හැකි සංස්කරණය නිකුත් කර තිබෙනව. මෙම වැඩසටහන සදහා $20ක මුදලක් මසකට අය කරන අතර GPT-4 සහ GPT-4 Turbo බාවිතා කිරීමට මෙමගින් අවස්තාව ලැබෙනව.

මෙම නව GPT-4 සහ GPT-4 Turbo මගින් ඉක්මනින් පිලිතුරු ලබාගැනීමේ හැකියාව තිබෙනව. Microsoft සමාගම විසින් කෙටි කාලයකට GPT-4 model එක නොමිලේ බාවිතා කිරීමට ඉඩ ලබාදුන්න. නමුත් දැන් මිලදී ගැනීමේ සංස්කරණය හදුන්වා දීමෙන් පසු GPT-4 සහ GPT-4 Turbo සංස්කරණය නොමිලේ ලබාගත හැක්කෙ non-peak වෙලාවල් වලදි පමනයි.

මෙම Copilot Pro වැඩසටහන Microsoft 365 වැඩසටහනේ MS Word, Excel, සහ PowerPoint මගින් බාවිතා කරන්න පුලුවන්.

දත්ත විශ්ලේෂණය සහ ප්‍රස්තාර ජනනය කිරීම සඳහා Excel හි Copilot තවමත් පරීක්ශන මට්ටමේ පවතින්නෙ. සම්පූර්ණ PowerPoint ඉදිරිපත් කිරීමක් නිර්මානය කිරීමට ඔබට Word ලේඛනයක් භාවිතා කළ නොහැක. කෙසේ වෙතත්, ඔබට Copilot භාවිතයෙන් ස්වභාවික භාෂා විමසීම් භාවිතයෙන් presentation නිර්මානය කළ හැක. ඊට අමතරව, ඔබට Outlook හි ඊමේල් සාරාංශ කිරීමට සහ OneNote යෙදුම තුල බාවිතා කිරීමට Copilot වෙතින් ප්‍රවේශය ලැබෙනව.

මීළඟට, Copilot Pro ඔබට OpenAI GPT වලට සමාන Copilot GPT නිර්මාණය කිරීමට ඉඩ සලසනව. කෙසේ වෙතත් එම විශේෂාංගය තවම ලබා ගත නොහැකි අතර, එය පසුව එකතු කරනු ඇත. Image generate කිරීමට, මිලදී ගන්නා සංස්කරණය මගින් ඔබට Dall-E 3 භාවිතයෙන් රූප නිර්මාණය කිරීමට ඉඩ ලබා දෙන අතර landscape image සඳහා ද සහාය දක්වනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...