Home Tech News Ai Microsoft සමාගමේ AI chatbot දැන් Skype සහ mobile apps තුළත්
AisoftwareTech News

Microsoft සමාගමේ AI chatbot දැන් Skype සහ mobile apps තුළත්

Share
blank
Share

Microsoft සමාගම මේ මාසයේදී ආරම්බ කල AI-powered chatbot නිසා මිලියනයකට වඩා පිරිසක් එය බාවිතා කර බලන්න එක්වුනා. ඒවගේම තවත් මිලියන ගණනක පිරිසක් waitlist එකෙ සිටිනව.

අද වෙනකන් මෙම chatbot බාවිතා කල හැකි වුනේ Edge desktop browser එක හරහා පමනයි. නමුත් Microsoft සමාගම ඉක්මනින්ම ඔවුන්ගේ සියලුම නිශ්පාදන, සේවා සහ උපාංග සදහා මෙම chatbot එක ලබාදෙනව.

මෙම සතියෙ සිට තමන්ගේ Microsoft account මගින් chatbot වෙත ප්‍රවේශ ලැබී තිබූ පරිශීලකයන්ට Edge දුරකතන ඇප් එක මගිනුත් එයට ප්‍රවේශ වීමේ හැකියාව ලබාදීල තියනව. Android සහ iOS යන මෙහෙයුම් පද්ධති දෙකේදීම මෙය බාවිතා කරන්න පුලුවන්. Edge mobile app එකට පිවිස එහි homepage එකට ගියවිට මෙම chatbot වෙත පිවිසෙන්න පුලුවන්.

මීට අමතරව දැන් මෙම chatbot, Skype මගිනුත් බාවිතා කරන්න පුලුවන්. පරිශීලකයන්ට එය තනි තනිව හෝ කන්ඩායම් චැට් එකකට එකතු කරගන්න පුලුවන්. මෙමගින් භාශාවන් 100ක් පමන පරිවර්තනය කිරීමේ හැකියාවත් පවතිනව.

මෙම chatbot වෙත පිවිසීමට voice control යොදාගන්නත් පුලුවන්. එයත් mobile සහ desktop යන දෙකටම සහය දක්වනව. Microsoft සමාගම වැඩිදුරටත් සදහන් කර තිබුනෙ ඔවුන්ගේ අනෙක් ඇප්ස් වන Teams සදහාත් මෙම chatbot ලබාදෙන බවයි.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

Chat Backup වලට අමතර ආරක්ශාවක් WhatsApp වෙතින්

WhatsApp වෙතින්, දැන් ඔයාලගේ chats ආරක්ශා කරගන්න තවත් විශේෂාංගයක් ලබාදීලා තියෙනවා. දැන්...

අලුතෙන් ආපු ChatGPT Atlas AI Browser එක

OpenAI සමාගම විසින් පසුගියදා ChatGPT Atlas නමින් AI-powered web browser එකක් නිකුත්...

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත්...

Windows 10 ඇත්තටම ඉවරද, ඊලගට මොකද කරන්නෙ…?

ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයන් විසින් භාවිතා කරන ලද Windows 10 මෙහෙයුම්...