Home Tech News Ai Microsoft සමාගමේ AI chatbot දැන් Skype සහ mobile apps තුළත්
AisoftwareTech News

Microsoft සමාගමේ AI chatbot දැන් Skype සහ mobile apps තුළත්

Share
blank
Share

Microsoft සමාගම මේ මාසයේදී ආරම්බ කල AI-powered chatbot නිසා මිලියනයකට වඩා පිරිසක් එය බාවිතා කර බලන්න එක්වුනා. ඒවගේම තවත් මිලියන ගණනක පිරිසක් waitlist එකෙ සිටිනව.

අද වෙනකන් මෙම chatbot බාවිතා කල හැකි වුනේ Edge desktop browser එක හරහා පමනයි. නමුත් Microsoft සමාගම ඉක්මනින්ම ඔවුන්ගේ සියලුම නිශ්පාදන, සේවා සහ උපාංග සදහා මෙම chatbot එක ලබාදෙනව.

මෙම සතියෙ සිට තමන්ගේ Microsoft account මගින් chatbot වෙත ප්‍රවේශ ලැබී තිබූ පරිශීලකයන්ට Edge දුරකතන ඇප් එක මගිනුත් එයට ප්‍රවේශ වීමේ හැකියාව ලබාදීල තියනව. Android සහ iOS යන මෙහෙයුම් පද්ධති දෙකේදීම මෙය බාවිතා කරන්න පුලුවන්. Edge mobile app එකට පිවිස එහි homepage එකට ගියවිට මෙම chatbot වෙත පිවිසෙන්න පුලුවන්.

මීට අමතරව දැන් මෙම chatbot, Skype මගිනුත් බාවිතා කරන්න පුලුවන්. පරිශීලකයන්ට එය තනි තනිව හෝ කන්ඩායම් චැට් එකකට එකතු කරගන්න පුලුවන්. මෙමගින් භාශාවන් 100ක් පමන පරිවර්තනය කිරීමේ හැකියාවත් පවතිනව.

මෙම chatbot වෙත පිවිසීමට voice control යොදාගන්නත් පුලුවන්. එයත් mobile සහ desktop යන දෙකටම සහය දක්වනව. Microsoft සමාගම වැඩිදුරටත් සදහන් කර තිබුනෙ ඔවුන්ගේ අනෙක් ඇප්ස් වන Teams සදහාත් මෙම chatbot ලබාදෙන බවයි.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...