Home Tech News Internet Meta ආයතනය, Meta ආයතනයට විරුද්ධව නඩු මගට බසී
Internetsocial mediaTech News

Meta ආයතනය, Meta ආයතනයට විරුද්ධව නඩු මගට බසී

Share
blank
Share

පසුගිය 2021 ඔක්තෝබර් මාසයේ Facebook මවු ආයතනය තම නාමය Meta නමින් වෙනස් කරා, ඒත් එක්ක ආයතනය Metaverse එක වෙනුවෙන් විවිධ සේවා නිර්මාණය කරමින් එහි ආධිපත්‍ය පතුරවන්න සූදානම් වෙනව කියන එක පැහැදිලි වුනා. නමුත් ඒ තීරණයෙන් අගතියට පත්වුන පාර්ශවයක් මේ වෙනකොට නඩු මගට බහින්න තීරණය කරල තියනවා.

ත්‍රිමාණ කලාවන් සිදු කරන META ( Meta.is) නමැති සමාගමක් පසුගියදා නිවේදනය කරේ Facebook සමාගම තමන්ගෙ වෙලඳනාමය නීති විරෝධී ලෙස පාවිච්චි කිරීම සම්බන්ධයෙන් Meta( කලින් Facebook ) සමාගමට එරෙහිව නඩු මගට බසින්න තමන් තීරණය කර ඇති බවයි. ඒ පිලිබද ඔවුන්ගේ වෙබ් අඩවියේ සඳහන් නිවේදනය හැටියට ඔවුන් අවුරුදු 12ක් පමණ ඉඳන් ඉතා මහන්සියෙන් ගොඩ නගාගත් සමාගමේ නාමය නැවත ලබා ගැනීම පිලිබඳ මාස 8ක් පුරා Facebook සමග සද්භාවයෙන් සාකච්ඡා කල නමුත් එහි ඵලක් නොවන බැවින් අවසන් විකල්පය ලෙස සමාගමට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවයි.

Facebook සමග බැඳී තිබෙන privacy ප්‍රශ්න නිසා Meta.is තර්ක කරන්නේ ඔවුන් සමග තම වෙලඳ නාමය බෙදා ගැනීම සිදු කල නොහැකි බවයි. තම සමාගමේ භාණ්ඩ හා නිශ්පාදන Meta Facebook මගින් නිකුත් කරන ඒවා යැයි තම පාරිභෝගිකයින් වැරදියට වටහා ගැනීමට ඉඩ ඇති නිසා සහ Facebook සමග බැඳී ඇති නරක නාමයන් තම ආයතනයට බලපාන බව ඔවුන් ප්‍රකාශ කරනවා.

Meta.is සතුව වලංගු වෙලඳනාමයක් තිබුනත් නීතිමය සටන පහසු වෙන එකක් නෑ, මොකද Facebook ආයතනයත් නම වෙනස් කරාට පස්සෙ පුළුල් ලෙස තම සේවාවන් වලට Meta වෙලඳ නාමය බද්ධ කරනු ලැබුවා. ඉහත සඳහන් කරපු වෙලඳ නාමයට අමතරව තවත් සමාගම් රැසක් මේ Meta වෙලඳ නාමයෙන් තමන්ගෙ ව්‍යාපාර කටයුතු කරගෙන යනවා.

Share
Written by
Pasindu Ruwandeniya

An internet kid who loves open-source software and new technologies.

Leave a comment

Leave a Reply

Related Articles

Google Gboard නවීන AI විශේෂාංග

Google සමාගම Gboard keyboard එක සඳහා AI පදනම්වූ ලිවීමේ features කිහිපයක් නිල...

Samsung දුරකථනයෙන් ඇල්සයිමර් හඳුනාගැනීමට උපකාරයක්

Samsung සමාගම මෑතකදී නිවේදනය කළේ, ඉදිරියේදී එන Samsung දුරකථන සහ Galaxy Watch...

PC Manager එක්ක Storage Manage කරන්න දැන් ලේසි

ඔයාගේ PC එකේ storage එක Manage කරන්න දැන් ලේසිම ක්‍රමයක් තමයි PC...

Broadcom සහ OpenAI අතර AI චිප් ගනුදෙනුවක්

Broadcom සමාගම සහ OpenAI සමාගම අතර 2025 සැප්තැම්බර් මාසයේදී ආරම්භ කරන ලද...