Home Tech News Events Lanka Comic Con 2018
EventsTech News

Lanka Comic Con 2018

Share
blank
Share

Comics කියන්නෙ 1930 ගණන්වල බටහිර රටවල පුවත්පත්වල තීරු Cartoon වලට හදුන්වා දීපු චරිත වලින් පටන් අරන් දැන් බිලියන ගණනක වටිනාකමකින් යුක්ත Industry එකක බවට පත්වෙලා Magazine, Movies වලටත් පැතිරිලා තියෙන විෂයක්.

මෑතක ඉදල ලංකාවේ ඉන්න Comic Fansල (Comic උන්මාදයෙන් පෙලෙන අය කිව්වොත් වැරැද්දකි නෑ) එකතුවෙලා Comi cons තියන්න පටන් අරන් තියෙනව. ලංකා කොමික් කොන් එකෙන් සංවිධානය කරන Lanka Comic Con 2018 අගෝස්තු 25 – 26 මරදාන Trace Expert city එකේ පැවැත්වෙනව.

මේ event එකේ තිබ්බ දේවල් ටිකක් ගැනත් මේ ලිපියට ලියන්න හිතුව. පළවෙනි දේ තමයි ලංකාවෙම පටන් ගත්ත Games වගේම අලුත් platforms මේ Event එකේ තිබුන.

Extraction Valley – RAM Studios

ලංකාවේ Games හදපු ගොඩක් අය ඉන්නව. හැබැයි AAA Quality එකේ Multiplayer Game එකක් හදපු පොඩිම එකතුව තමයි RAM Studios’ මේ Stall එකේදි Extraction valley Game එකේ Alpha version එකක් ඔයාලට අත්විදගන්න පුලුවන්කම තියෙනව. මේ Game එක දැනටත් ඔයාලට Download කරගෙන play කරන්න පුලුවන්. මේ තියෙන්නෙ Link එක.

Condition Red – Nervtek

මාස 4කින් 2D Platform shooter එකක් develop කරපු අරුණ එයාගෙ Game එක ගැන  මේ event එකේදි දාල තිබ්බ. nervetek FB page එකට, nervtek.lk site එකට ගිහින් මේ ගැන වැඩි විස්තර දැනගන්න පුලුවන්.

HALO – Cosrplay711

Comic Con එකක තියෙන ප්‍රධාන සිත් ඇදගන්නාම අංගය Cos play එක කියන්න පුලුවන්. මෙතනදි තමන් කැමති Comics වල ඉන්න චරිතයක් අනුකරණය කරන එක තමයි තියෙන්නෙ. මේකට සමහර අය මාස ගණන් මහන්සි වෙලා Costumes හදනව. මේ වගේ සෑහෙන මහන්සි වෙලා Halo Master chief ගෙ Armour suit එක හදපු චතුරින්දව මුණගැහුන. එයාගෙ FB page එකයි තියෙනව. එයාගෙ තවත් project තියෙනව කිව්ව. ඒ ගැනත් ඉදිරියෙදි තොරතුරු අරන් එන්න බලාපොරොත්තු වෙනව.

Widda (විද්දා)VRLabs.lk –  Facebook

Oculus Rift එහෙමත් නැත්නම් VR gaming කියන්නෙ ලංකාවෙ අපිට තව සෑහෙන කාලයක් බලන් ඉන්න වෙන Game medium එකක් කියන්න පුලුවන්. හැබැයි VR වලට දැන් ලංකාවෙන් Games හැදිල තියෙනව. විද්දා කියන්නෙ Oculus Rift එකට හදල තියෙන VR Game එකක්. මේ game එක මාත් play කරා. විනෝදවෙන්න පුලුවන් සැහැල්ලු සරල Game එකක් කියල කියන්න පුලුවන්. මේ Game එක ගැන සහ VRlabs ගැන තවත් තොරතුරු දැනගන්න උඩ තියෙන ලින්ක් පාවිච්චි කරන්න.

GAMEROAR PlatformProdigy.lkfacebook

ලංකාවේ Game Industry එක තාමත් හැදීගෙන එන ඒ වගේම අලුත් දේවල් හදුන්වා දෙන්න ගොඩක් අවස්ථා තියෙන තැනක් කියන්න පුලුවන්. Prodigy.lk එකෙන් හදුන්වල දීල තියෙන GAMEROAR.lk Platform එකෙන් කරන්නෙ ලංකාවේ Games හදන අයට ලංකාවේ තියෙන Web Platform එකක් හරහා ඒව විකුණන්න market place එකක් හදල දෙන එක. තාමත් මේක හදාගෙන යනව කියල තමයි යසිත් කිව්වෙ. Game develope කෙනෙක් නම් එහෙමත් නැත්නම් ලංකාවෙ Games ගැන ආසාවෙන් හොයන කෙනෙක්නම් ගිහින් බලන්න. උඩින් links දාල තියෙනව.

මේ දේවල් වගේම Cosplay එකත් තවත් ගොඩක් දේවල් අගෝස්තු 25 – 26 ආවොත් බලාගන්න පුලුවන්. Myhub.lk Dilshan වත් Event එකේදි මුණගැහුන. ඒ වගේම Event එකේ දවස් දෙකේම Coverage එක myhub.lk එකෙන් සහ LionKollaChannel එකෙන් තව දවස් දෙක තුනකින් බලන්න පුලුවන්.

 

 

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...