Home Tech News Phones USB-C Port එකක් සහිත iPhone දුරකථනයක්?
PhonesTech News

USB-C Port එකක් සහිත iPhone දුරකථනයක්?

Share
blank
Share

අන්තර්ජාලයේ මේ වෙනකොට පල වෙන leaks වලට අනුව iPhone දුරකථන පෙළ Apple වලටම ආවේණික Lightning port එක අතඇරල හුඟ දෙනෙක් පාවිච්චි කරන USB-C port එකට මාරු වෙන්න තීරණය කරල තියනවා. කලින් වාර්තා වෙන වුන විදිහට මේ වෙනස් කිරීම ඉදිරියේදී සිදු වෙන්න තිබුනත් අලුත්ම වාර්තා වල හැටියට මේ වෙනකොටත් ඒ මාරුවීම සිදු වෙන ගමන් තමයි තියෙන්නෙ. ඒ කියන්නෙ අපිට ඊලඟ වසර කිහිපයේදීම USB-C port එකක් සහිත iPhone එකක් දකින්න ලැබේවී.

තමන්ගෙ devices සඳහා භාවිතා කරන කේබල් වර්ග රාශියක් හසුරවන්න සිදුවෙන කෙනෙක්ට මේක සුභ පණිවිඩයක්. මීට පෙර iPhones වලින් USB port එකක් දකින්න නොලැබුනේ Apple සමාගමට කේබල් විකිණීමෙන් ලැබෙන ලාභය සහ USB වලට වඩා හොඳට ජලයෙන් ආරක්ෂා වීමේ හැකියාවක් Lightening port වල තිබුණ නිසයි. නමුත් එකම කේබල් එකකින් device කිහිපයක් හැසිරවීමට හැකිවීම බොහෝ දෙනෙක්ට පහසුවක් වේවී.

මේ තීරණය Apple සමාගම කැමැත්තෙන් ගත්ත තීරණයක් කියල කියන්න අමාරුයි. යුරෝපා සංගමයේ වෙලඳ හා පාරිභෝගික ආරක්ෂණ කමිටුව විසින් ගත්ත තීරණයක් තමයි කුඩා හා මධ්‍ය පරිමාණයේ සියලු විද්‍යුත් උපාංග USB-C වලට සහය දැක්වීම අනිවාර්‍ය කිරීම. මේ තීරණය Apple සමාගම ගත්ත තීරණයට අනිවාර්‍යයෙන්ම බලපාන්න ඇති. USB-C භාවිතයෙන් ලැබෙන වාසි තමයි සාමාන්‍ය lightning cable වලට වඩා වැඩි වේගයකින් data හුවමාරු කිරීමේ හැකියාව සහ ඊට වඩා වේගයෙන් battery charge කිරීමේ හැකියාව.

මේ USB-C එක්ක එන iPhone දුරකථන පෙල නිකුත් වෙන්න අවම වශයෙන් 2023 වර්ෂයවත් වේවී. ඒ කියන්නෙ iPhone 15 දුරකථන පෙලෙහි බොහෝවිට මේ USB-C වෙනස දකින්න ඉඩක් තියනවා. ඉතින් කවුරුහරි Apple උපාංගයක් මිලදී ගන්න ඉන්නවනම් මේ වෙනුවෙන් බලන් ඉන්න එකේ තේරුමක් නෑ කියන එකයි අපේ මතය. මොකද මේව නිකුත් වෙන්න තවමත් කල් තියනව වගේම මේ පිලිබඳ තමවත් කටකතා පමණයි තියෙන්නේ.

Share
Written by
Pasindu Ruwandeniya

An internet kid who loves open-source software and new technologies.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...