- 
English
 - 
en
Sinhala
 - 
si
Tamil
 - 
ta

අන්තර්ජාලයේ මේ වෙනකොට පල වෙන leaks වලට අනුව iPhone දුරකථන පෙළ Apple වලටම ආවේණික Lightning port එක අතඇරල හුඟ දෙනෙක් පාවිච්චි කරන USB-C port එකට මාරු වෙන්න තීරණය කරල තියනවා. කලින් වාර්තා වෙන වුන විදිහට මේ වෙනස් කිරීම ඉදිරියේදී සිදු වෙන්න තිබුනත් අලුත්ම වාර්තා වල හැටියට මේ වෙනකොටත් ඒ මාරුවීම සිදු වෙන ගමන් තමයි තියෙන්නෙ. ඒ කියන්නෙ අපිට ඊලඟ වසර කිහිපයේදීම USB-C port එකක් සහිත iPhone එකක් දකින්න ලැබේවී.

තමන්ගෙ devices සඳහා භාවිතා කරන කේබල් වර්ග රාශියක් හසුරවන්න සිදුවෙන කෙනෙක්ට මේක සුභ පණිවිඩයක්. මීට පෙර iPhones වලින් USB port එකක් දකින්න නොලැබුනේ Apple සමාගමට කේබල් විකිණීමෙන් ලැබෙන ලාභය සහ USB වලට වඩා හොඳට ජලයෙන් ආරක්ෂා වීමේ හැකියාවක් Lightening port වල තිබුණ නිසයි. නමුත් එකම කේබල් එකකින් device කිහිපයක් හැසිරවීමට හැකිවීම බොහෝ දෙනෙක්ට පහසුවක් වේවී.

Mobile, Internet Service එක ගැන සෑහිමකට පත්වෙනවද?- ReviewSriLanka.com

මේ තීරණය Apple සමාගම කැමැත්තෙන් ගත්ත තීරණයක් කියල කියන්න අමාරුයි. යුරෝපා සංගමයේ වෙලඳ හා පාරිභෝගික ආරක්ෂණ කමිටුව විසින් ගත්ත තීරණයක් තමයි කුඩා හා මධ්‍ය පරිමාණයේ සියලු විද්‍යුත් උපාංග USB-C වලට සහය දැක්වීම අනිවාර්‍ය කිරීම. මේ තීරණය Apple සමාගම ගත්ත තීරණයට අනිවාර්‍යයෙන්ම බලපාන්න ඇති. USB-C භාවිතයෙන් ලැබෙන වාසි තමයි සාමාන්‍ය lightning cable වලට වඩා වැඩි වේගයකින් data හුවමාරු කිරීමේ හැකියාව සහ ඊට වඩා වේගයෙන් battery charge කිරීමේ හැකියාව.

මේ USB-C එක්ක එන iPhone දුරකථන පෙල නිකුත් වෙන්න අවම වශයෙන් 2023 වර්ෂයවත් වේවී. ඒ කියන්නෙ iPhone 15 දුරකථන පෙලෙහි බොහෝවිට මේ USB-C වෙනස දකින්න ඉඩක් තියනවා. ඉතින් කවුරුහරි Apple උපාංගයක් මිලදී ගන්න ඉන්නවනම් මේ වෙනුවෙන් බලන් ඉන්න එකේ තේරුමක් නෑ කියන එකයි අපේ මතය. මොකද මේව නිකුත් වෙන්න තවමත් කල් තියනව වගේම මේ පිලිබඳ තමවත් කටකතා පමණයි තියෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here