Home Tech News Explained වසරක කාලයකට පසු Intel සමාගම Arc A580 graphics card එළිදක්වයි
ExplainedHardwareTech News

වසරක කාලයකට පසු Intel සමාගම Arc A580 graphics card එළිදක්වයි

Share
blank
Share

Intel සමාගම ඔවුන්ගේ නවතම Arc A580 graphics card නිකුත් කරනු ලැබුවා. මෙම graphics card දැන් වෙළදපොලෙන් මිලදී ගැනීමට පුලුවන්.

මෙම කාඩ් එකෙ 24 Xe cores සහ ray tracing units තිබෙනව. ඒවගේම මෙහි clock speed එක 1700MHz වෙනව. කාඩ් එක overclock කිරීමෙන් එහි clock speed එක 2000MHz දක්වා වැඩි කරගන්න පුලුවන්. මෙය නිකුත් වෙන්නෙ 8GB GDDR6 මතකයක් සමගයි. එහි 512GB/s memory bandwidth එකක් තිබෙනව.

එසේම මෙමගින් 185W බලයක් ලබාගන්නව. මෙම කාඩ් එකෙ specifications ගත්විට එය බොහෝදුරට A750 කාඩ් එකට සමානයි. A580 කාඩ් එක ගැන මුලින්ම සමාගම නිවේදනය කලේ පසුගිය වසරේ ඔවුන්ගේ Arc A-series graphics cards පිලිබද නිවේදනය කරන අවස්තාවේදීයි. පසුගිය වසරේදී ඔවුන් වෙනත් කාඩ් කිහිපයක්ම වෙළදපොලට නිකුත් කලත් මෙම A580 කාඩ් එක පිලිබදව මේ වනතෙක් අසන්නට ලැබුනෙ නැහැ.

මෙම A580 කාඩ් එක ඔවුන්ගේ A750 සහ A770 කාඩ් වල cutdown version එක ලෙස හදුන්වන්න පුලුවන්. A750 කාඩ් එකට සමාන specs මෙම කාඩ් එකෙත් තිබෙන නිසා performance අතින් ගත්විටත් A750 කාඩ් එකට සමාන performance තිබෙනව.

මෙම කාඩ් එකෙන් 1080p වීඩියො පහසුකම වගේම high refresh rate එකක් ලබාගැනීමෙ හැකියාවත් තිබෙනව. ඒ සදහා ඔවුන් ඔවුන්ගේම XeSS නම් AI-based image upscaling තාක්ශනය බාවිතා කර තිබෙනව.

දැනට මෙම කාඩ් නිශ්පාදනය කර අලෙවි කරන්නෙ ASRock, Gunnir, සහ Sparkle යන සමාගම් වලින්. මෙහි මිල $179 වන අතර දැනට Intel Arc කාඩ් විකුණන සියලුම රටවල් වලින් A580 කාඩ් එක මිලදී ගැනීමට හැකිවෙනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...