Home Tech News Explained වසරක කාලයකට පසු Intel සමාගම Arc A580 graphics card එළිදක්වයි
ExplainedHardwareTech News

වසරක කාලයකට පසු Intel සමාගම Arc A580 graphics card එළිදක්වයි

Share
blank
Share

Intel සමාගම ඔවුන්ගේ නවතම Arc A580 graphics card නිකුත් කරනු ලැබුවා. මෙම graphics card දැන් වෙළදපොලෙන් මිලදී ගැනීමට පුලුවන්.

මෙම කාඩ් එකෙ 24 Xe cores සහ ray tracing units තිබෙනව. ඒවගේම මෙහි clock speed එක 1700MHz වෙනව. කාඩ් එක overclock කිරීමෙන් එහි clock speed එක 2000MHz දක්වා වැඩි කරගන්න පුලුවන්. මෙය නිකුත් වෙන්නෙ 8GB GDDR6 මතකයක් සමගයි. එහි 512GB/s memory bandwidth එකක් තිබෙනව.

එසේම මෙමගින් 185W බලයක් ලබාගන්නව. මෙම කාඩ් එකෙ specifications ගත්විට එය බොහෝදුරට A750 කාඩ් එකට සමානයි. A580 කාඩ් එක ගැන මුලින්ම සමාගම නිවේදනය කලේ පසුගිය වසරේ ඔවුන්ගේ Arc A-series graphics cards පිලිබද නිවේදනය කරන අවස්තාවේදීයි. පසුගිය වසරේදී ඔවුන් වෙනත් කාඩ් කිහිපයක්ම වෙළදපොලට නිකුත් කලත් මෙම A580 කාඩ් එක පිලිබදව මේ වනතෙක් අසන්නට ලැබුනෙ නැහැ.

මෙම A580 කාඩ් එක ඔවුන්ගේ A750 සහ A770 කාඩ් වල cutdown version එක ලෙස හදුන්වන්න පුලුවන්. A750 කාඩ් එකට සමාන specs මෙම කාඩ් එකෙත් තිබෙන නිසා performance අතින් ගත්විටත් A750 කාඩ් එකට සමාන performance තිබෙනව.

මෙම කාඩ් එකෙන් 1080p වීඩියො පහසුකම වගේම high refresh rate එකක් ලබාගැනීමෙ හැකියාවත් තිබෙනව. ඒ සදහා ඔවුන් ඔවුන්ගේම XeSS නම් AI-based image upscaling තාක්ශනය බාවිතා කර තිබෙනව.

දැනට මෙම කාඩ් නිශ්පාදනය කර අලෙවි කරන්නෙ ASRock, Gunnir, සහ Sparkle යන සමාගම් වලින්. මෙහි මිල $179 වන අතර දැනට Intel Arc කාඩ් විකුණන සියලුම රටවල් වලින් A580 කාඩ් එක මිලදී ගැනීමට හැකිවෙනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

අලුතෙන් ආපු ChatGPT Atlas AI Browser එක

OpenAI සමාගම විසින් පසුගියදා ChatGPT Atlas නමින් AI-powered web browser එකක් නිකුත්...

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත්...

Windows 10 ඇත්තටම ඉවරද, ඊලගට මොකද කරන්නෙ…?

ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයන් විසින් භාවිතා කරන ලද Windows 10 මෙහෙයුම්...

ලොව පළමු Robot Smartphone එක Honor වෙතින්

ජංගම දුරකථන ඉතිහාසයේ නව හැරවුම් ලක්ෂයක් එක් කරමින් Honor සමාගම නවතම සංකල්පයක්...