Home Tech News ඉදිරියෙදි Instagram comments Threads වලත්
Tech News

ඉදිරියෙදි Instagram comments Threads වලත්

Share
blank
Share

අලුත්ම තොරතුරු වලින් දැනගන්න ලැබෙන්නෙ Instagram සදහා මෙටා සමාගම අලුත් විශේෂාංගයක් හදුන්වා දෙන්න සූදානම් වෙනවා. ඒ තමයි Instagram පෝස්ට් වලට අපි දාන comments, Threads වලත් ශෙයා කිරීමේ හැකියාව. මේ ගැන මුලින්ම තොරතුරු පලකර තිබුනේ Alessandro Paluzzi විසින්. ඔහු Reverse engineer කෙනෙක් විදියට ප්‍රසිද්ධියක් උසුලන අයෙක්. Reverse engineer යනු නිෂ්පාදනයක් හෝ උපාංගයක් එය සෑදූ ආකාරය ඉගෙන ගැනීමට හෝ සමාන දෙයක් නිර්මාණය කිරීමේ අරමුණින් එය විසුරුවා හැර විශ්ලේෂණය කරන අයෙකුටයි.

Alessandro Paluzzi පළකර තිබුනු පෝස්ට් එකකට අනුව මේ අලුත් අප්ඩේට් එකෙන් Instagram තුල comment කරන විට අලුත් dropdown menu එකක් දක්නට ලැබෙනවා. එහි “comment only to Instagram” හෝ “Also share on Threads” යන ඔප්ශන් දෙක තිබෙනවා.

මෙටා සමාගම මීට කලිනුත් Threads අනෙක් ඇප්ස් වන Facebook සහ Instagram සමග එක්ව තොරතුරු බෙදාගත හැකි ආකාරයට විවිධ විශේෂාංග හදුන්වා දුන්නා. ඒ අතර Threads පෝස්ට් Instagram සහ Facebook ඇප් වල දිස්වන ආකාරයට වෙනස්කම් සිදුකලා. මීලගට බොහෝවිට මේ ඇප් තුන සමග එක්ව තොරතුරු බෙදාහදා ගතහැකි ලෙස Whatsapp සහ Messenger ඇප්ස් වෙත විශේෂාංග හදුන්වා දෙන්න මෙටා සමාගම කටයුතු කරනු ඇත.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...