Home Tech News Explained Generative AI මගින් ඡායාරූප සංස්කරණය කරගන්න ඉඩදෙන Instagram
Explainedsocial mediaTech News

Generative AI මගින් ඡායාරූප සංස්කරණය කරගන්න ඉඩදෙන Instagram

Share
blank
Share

මෙටා සමාගම පසුගිය දිනක ඔවුන්ගේ නවතම නිශ්පාදන සහ ඔවුන්ගෙ ඇප් වලට එක්කරන්න බලාපොරොත්තු වෙන නව තාක්ශනයන් ගැන විස්තර එලිදැක්වූවා. එහිදී පැවසූ ආකාරයට මෙටා සමාගමේ සියලුම products සදහා ඔවුන් AI පාධක යෙදුම් බාවිතා කරන්න සූදානම් වෙනව.

මේ ආකාරයට ඔවුන් Instagram සදහා AI image editing සහ sticker-creation ‍යන නව විශේෂාංග හදුන්වා දෙන්න සූදානම් වෙනව. මෙහි “Restyle” නමින් AI filter එකක් තිබෙනව. එමගින් පරිශීලකයන්ට තමන්ගේ ඡායාරූප වෙනස් පෙනුමක් එන විදියට සංස්කරණය කරගන්න පුලුවන්. මෙහිදි ඔබට සංස්කරණය කරගැනීමට අවශ්‍ය ආකාරය විස්තර කර දෙන්න පුලුවන්. එනම්, සංස්කරණය කරගන්න අවශ්‍ය ඡායාරූපය සදහා ‘collage from magazines and newspapers, torn edges’ ලෙස විස්තර කිරීමක් කර දුන්විට AI යෙදුම මගින් ඒ ආකාරයට ඡායාරූපය සකසා දෙනව.

ඒවගේම සමාගම හදුන්වා දුන් තවත් විශේෂාංගයක් තමයි “Backdrop” කියන්නෙ. මෙය AI වලින් බලගැන්වුනු green screen විශේෂාංගයක්. මෙහිදීද ඔබට අවශ්‍ය පසුබිම පිලිබද විස්තර ලබාදී ඒ ආකාරයට ඡායාරූපය සංස්කරණය කරගන්න පුලුවන්. මෙම නව විශේෂාංගය නිකුත් වෙන දිනයක් පිලිබදව මෙටා සමාගම තවමත් නිළ වශයෙන් නිවේදනය කර නැහැ.

මේ ආකාරයට සංස්කරණය කරගන්නා ඡායාරූප වල ලේබල් එකක්ද අඩංගු වෙනව. එය බොහෝ විට “image generated by Meta AI” වැන්නක් විය හැක.

මෙටා සමාගම විස්තර කල තවත් විශේෂාංගයක් තමයි නව AI-generated stickers. මේවා Instagram, WhatsApp, Messenger සහ Facebook Stories වල අඩංගු වනු ඇත. මෙහිදී පරිශීලකයන්ට text prompts මගින් ඉක්මනින් තමන්ට අවශ්‍ය ආකාරයට stickers නිර්මානය කරගන්න පුලුවන්. මෙම විශේෂාංගය ලබන මාසය තුලදී නිකුත් කරන සමාගම වැඩිදුරටත් පවසා තිබෙනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...