Home Tech News ඉන්දියාවෙ හදන iPhone
Tech News

ඉන්දියාවෙ හදන iPhone

Share
Share

Bloomberg News වාර්තා වලට අනුව iPhone නිශ්පාදනයෙන් හතෙන් එකක් මේවන විට ඉන්දියාවේ නිපදවා ඇති අතර එය සමස්ත නිෂ්පාදනයෙන් 14% ක් පමණ වේ. පසුගිය මූල්‍ය වර්ෂය (fiscal year) තුළ Apple විසින් ඩොලර් බිලියන 14 ක් වටිනා iPhones ඉන්දියාව තුල දී assemble කර තිබේ. මෙය පෙර කාලපරිච්ඡේදයට වඩා දෙගුණයකි.

චීනය ලොව විශාලතම iPhone නිශ්පාදන කේන්ද්‍රස්ථානය ලෙස පැවතුනද, එක්සත් ජනපදය සහ චීනය අතර ද්විපාර්ශ්වික දේශපාලනික ආරවුල් මධ්‍යයේ Apple සමාගම චීනයෙන් ඔබ්බට සිය සැපයුම් දාමය වැඩි කිරීමට අපේක්ෂා කරයි. Foxconn 67% කට ආසන්න ප්‍රමාණයක් assemble කර ඇති අතර Pegatron Corp ඉන්දියාවේ නිෂ්පාදිත iPhone වලින් 17% ක් පමණ නිපදවූ බව Bloomberg වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි. ඉතිරි ඒකක කර්නාටක ප්‍රාන්තයේ Wistron කම්හලෙහි සාදන ලද අතර එය මෑතකදී Tata Group විසින් අත්පත් කර ගන්නා ලදී.

ඉන්දි‍යානු රජයේ නිලධාරීන් පැවසුවේ iPhone නිෂ්පාදනයේ වර්ධනය සෘජු රැකියා 150,000 ක් නිර්මාණය කර ඇති බවයි. ඉදිරි සති කිහිපය තුළ පැවැත්වීමට නියමිත ඉදිරි මැතිවරණ සඳහා අඛණ්ඩව තෙවැනි වරටත් තරග වදින බැවින්, මෙය වත්මන් අගමැති නරේන්ද්‍ර මෝදිගේ පාලනයේ විශාල ජයග්‍රහණයක් ලෙස විශ්ලේෂකයෝ පවසයි.

Share

4 Comments

Leave a Reply to Nadeeja BandaraCancel reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...