Home Tech News ඉන්දියාවෙ හදන iPhone
Tech News

ඉන්දියාවෙ හදන iPhone

Share
blank
Share

Bloomberg News වාර්තා වලට අනුව iPhone නිශ්පාදනයෙන් හතෙන් එකක් මේවන විට ඉන්දියාවේ නිපදවා ඇති අතර එය සමස්ත නිෂ්පාදනයෙන් 14% ක් පමණ වේ. පසුගිය මූල්‍ය වර්ෂය (fiscal year) තුළ Apple විසින් ඩොලර් බිලියන 14 ක් වටිනා iPhones ඉන්දියාව තුල දී assemble කර තිබේ. මෙය පෙර කාලපරිච්ඡේදයට වඩා දෙගුණයකි.

චීනය ලොව විශාලතම iPhone නිශ්පාදන කේන්ද්‍රස්ථානය ලෙස පැවතුනද, එක්සත් ජනපදය සහ චීනය අතර ද්විපාර්ශ්වික දේශපාලනික ආරවුල් මධ්‍යයේ Apple සමාගම චීනයෙන් ඔබ්බට සිය සැපයුම් දාමය වැඩි කිරීමට අපේක්ෂා කරයි. Foxconn 67% කට ආසන්න ප්‍රමාණයක් assemble කර ඇති අතර Pegatron Corp ඉන්දියාවේ නිෂ්පාදිත iPhone වලින් 17% ක් පමණ නිපදවූ බව Bloomberg වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි. ඉතිරි ඒකක කර්නාටක ප්‍රාන්තයේ Wistron කම්හලෙහි සාදන ලද අතර එය මෑතකදී Tata Group විසින් අත්පත් කර ගන්නා ලදී.

ඉන්දි‍යානු රජයේ නිලධාරීන් පැවසුවේ iPhone නිෂ්පාදනයේ වර්ධනය සෘජු රැකියා 150,000 ක් නිර්මාණය කර ඇති බවයි. ඉදිරි සති කිහිපය තුළ පැවැත්වීමට නියමිත ඉදිරි මැතිවරණ සඳහා අඛණ්ඩව තෙවැනි වරටත් තරග වදින බැවින්, මෙය වත්මන් අගමැති නරේන්ද්‍ර මෝදිගේ පාලනයේ විශාල ජයග්‍රහණයක් ලෙස විශ්ලේෂකයෝ පවසයි.

Share

4 Comments

Leave a Reply

Related Articles

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත්...

Windows 10 ඇත්තටම ඉවරද, ඊලගට මොකද කරන්නෙ…?

ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයන් විසින් භාවිතා කරන ලද Windows 10 මෙහෙයුම්...

ලොව පළමු Robot Smartphone එක Honor වෙතින්

ජංගම දුරකථන ඉතිහාසයේ නව හැරවුම් ලක්ෂයක් එක් කරමින් Honor සමාගම නවතම සංකල්පයක්...

අලුතෙන් Redesign උනු YouTube

Google විසින් YouTube video player එකට අලුත්ම redesign එකක් නිකුත් කරලා තියෙනවා....