Home Games පරණ මතකයන් අලුත් කරන්න එන IGI Origins
GamesTech News

පරණ මතකයන් අලුත් කරන්න එන IGI Origins

Share
Share

IGI කිය්නනෙ අපි කවුරුත් Play කරල තියෙන Video Game එකක්. මේකෙ තිබ්බ Stealth Gameplay එක සහ Release වෙච්ච දවස්වල ලැබුන ජනප්‍රියත්වයත් එක්ක Game එකට සෑහෙන අවධානයක් ලැබුන.

IGI කිව්වම ලොකු පොඩි හැමෝම වගේ දන්න Game එකක් හරියටම කිව්වොත් 2000 December 15 දි තමා මේ Game එක මුලින්ම Release වෙන්නෙ Project I.G.I නමින්. ඉන් පසුව 2003 දි I.G.I.-2: Covert Strike නමින් දෙවන කොටස Release වෙනවා. ඊට පස්සෙ මේ Games Develop කරපු Innerloop Studios සමාගම වැහෙන නිසා ඊට පස්සෙ IGI Game එකක් ගැන අහන්න ලැබෙන්නෙ නැහැ. ඉතින් ඔන්න අවුරුදු 16කට පස්සෙ අපිට ඇදැහිය නොහැකි ආරංචියක් එනවා ඒ තමා අපි පොඩි කාලේ ආසවෙන් සෙල්ලම් කරපු IGI Game එක නැවත Develop කරන්න පටන් අරන් කියන එක.

දැනට ආරංචි විදිහට IGI අලුත්ම Game එක IGI Origins නමින් තමයි පැමිනීමට නියමිත වෙන්නෙ. ඒ වගේම මේ game එකේ Developer වෙන්නෙ Toadman Interactive. මෙයාල game එකට නිකුත් කරපු Trailer එක තමයි මේ.

දැනට ලැබිල තියෙන ආරංචි අනුව IGI origins කියන්නෙ IGI පළමු game එකේම Remake එකක් විදිහටයි නිකුත් වෙන්න නියමිත. අපිට ගොඩක් දුරට IGI 1 එකේ පැමිනි Missions වලට සමාන Missions බලාගන්න පුලුවන් වෙයි මේ හරහා Maps Locations එහෙම ගොඩක් දුරට ඇහැට හුරු වෙයි ඉක්මනටම IGI 1 Play කරල තියෙන කෙනෙක්ට නම්.

තවත් දෙයක් තමයි original IGI game Fans ලගේ මතයට ගොඩක් ඇහුම්කන් දෙන්න තමන් බලාපොරොත්තු වෙනවා කියලා අලුත් Game එකේ Developer වෙන Toadman interactive ප්‍රකාශ කරා. ඒ වගේම Fans ලගේ අදහස් එකතු කරන්න වෙනම web page එකක් නිර්මාණය කරල තියෙනව. ඒ වගේම game එක 2020 අවසානයේ හෝ 2021දි නිකුත් කරන්න බලාපොරොත්තු වෙනව කියලයි දැනගන්න ලැබෙන්නෙ.

ඉතින් මෙ වගේ අලුත් Post ඉස්සරහටත් ගෙන්න බලාපොරොත්තු වෙනවා. අනිත් අයටත් දැන ගන්න Share කරන්න අමතක කරන්න එපා.

Share
Written by
Kaveesha_Heshan

FB - Samsung Galaxy Club මෙහෙයවන කවීශ Pcguidelk සදහා Smart Phones ගැන පැහැදිලි සහ නිවැරදි තොරතුරු ලබා දෙන ලිපි පල කිරීමෙන් දායකත්වය ලබාදෙනවා.

2 Comments

  • නියමයි. මේ site එක තව තවත් දියුණු වෙලා අපට වැදගත් පුවත් ඉක්මනින් දැනගන්න පුළුවන් තැනක් බවට පත් කරන්න ඔයාලට සුභ පතනවා.

Leave a Reply to සදූන් චාමරCancel reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...